විසි තුන්වන මන්දාරම 🍁

1K 197 86
                                    

_____________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_____________________________________________________________

දැන් වෙලාව රෑ නවය පහුවෙලා වුනත් මං තාමත් ඉන්නෙ මේ අප්පච්චියි පුතයි දෙන්නත් එක්ක .. ඔව් ඔව් මේ ෂෝර්ට් ලීව් දාලා දවල් දොළාහමාරට වෙඩින් රින්ග් , outfits බලන්න ගිය පාර තමයි රෑ නවය පහු වෙනකනුත් ඉන්නෙ .. මෙච්චර වෙලාම outfits ගැන බැලුවද කියල ඇහුවොත් උත්තරේ නෑ කියන එක .. ඇත්තටම මෙච්චර රෑ වුනේ ඒ වැඩ වලට නෙමෙයි .. පැය දෙකක් උපරිම තුනක් වගේ යන්න ඇති ඒ වැඩවලට .. එතනින් පස්සෙ අපි තුන්දෙනාම රෙස්ටුරන්ට් එකකින් දවල්ට කෑමත් කාලා තමයි එන්න පිටත් වුනේ .. ඒත් ඉතින් අපේ මීණුට ඕන වුනානෙ එන ගමන් ගෝල්ෆේස් යන්න .. එතකොට මෙච්චර පරක්කු වෙන්න එක හේතුවක් තමයි ගෝල්ෆේස් ගිය ගමන ..

~♡

මීණු බල කරලම කියපු නිසයි කලින් ආවත් වෙන වැඩක් ඇත්තෙත් නැති නිසාම අපි තුන්දෙනත් එක්කම ගියා ගෝල්ෆේස් .. යද්දි හවස හතර හමාරට වගේ ඇති .. තුන්දෙනත් එක්කම ගිහින් බීච් එකෙත් ඉන්න ඇති පැයකට වැඩි කාලයක් .. පැත්තකින් වාඩිවෙලා මුහුද දිහා බලාගෙන ඉන්නව නම් හිටිය හැකි ඕන තරම් වෙලාවක් .. කොච්චර මිනිස්සු ඉඳලා සද්ධෙත් එක්ක ඝෝෂාකාරී වුනත් රැලි ගහන මුහුදු රළ දිහා බලාගෙන ඉඳිද්දි පුදුම නිදහසක් , සැහැල්ලුවක් හිතට දැනෙන්නෙ .. ගෙවිලා යන වෙලාව ගැනවත් අවබෝධයක් නැති වෙන්න ..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now