තිස් එක්වන මන්දාරම 🍁

1.2K 177 107
                                    

________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

________________________________________________________________

කැවිලි මේසෙට වග කියල ඉවර වුන හැමෝම එලියට එද්දි සීයා අප්පච්චි ඇවිත් මාවයි අයියවයි දෙන්නවම එක්කගෙන ගිහින් ඇවිත් හිටිය එයාගෙ බිස්නස් ෆ්රෙන්ඩ්ස්ලට මාව අදුන්වලා දුන්නෙ අබේවික්‍රම පවුලේ අලුත්ම සාමාජිකයා විදියට ..

පැය භාගයකට ආසන්න වෙලාවක් අපි දෙන්න සීයා අප්පච්චි එක්ක ඉදන් ඒ අයත් එක්ක කතා කර කර ඉද්දි එතනට ආපු මීණු නිසා මං ඒ කම්මැලි කතාවලින් බේරිලා එලියට ආවත් අයියව නම් එතනට හිර වුනා .. මීණුත් එක්ක මං එතනින් එහාට ඇවිත් තනියෙම වාඩිවෙලා ෆෝන් එකට කොටන හිරුෂ ලගින් වාඩිවුනා .. මායි මීණුයි හිරුෂයි අපි තුන්දෙනාම එක්ක එකතු වෙලා පොඩි කතාවක් දාගෙන ඉද්දි මං දැක්කා අයියත් සීයා අප්පච්චි ලගින් එහාට ගිහින් තව පිරිමි අය කීප දෙනෙක් එක්ක කතාවක ඉන්නවා .. ඒ ඉන්න අයත් අයියගෙම වයස වගේ පේන්න තිබුන නිසා ඒ ඉන්නෙ අයියගෙ යාලුවෝ වෙන්න ඇති කියල මං හිතාගත්තා ..

" ඒ බං මේ .. ඔහොම්ම බලපන්කො අර එහා කොන .. හොඳට දන්න අඳුනන දෙන්නෙක් ඉන්නෙ .."

" කෝ .."

මීණු එක්ක කෝලම් කර කර හිටිය මගෙ උරහිසට තට්ටුවක් දාපු හිරුෂ ඇස්වලින් අපිට ඉස්සරහින් කොනේම තිබුන ටේබල් එකක වාඩිවෙලා ඉන්න දෙන්නෙක් ගැන කියන ගමන් අදුනනවද බලන්න කියද්දි මාත් හැරිලා බැලුව ඒ දිහා ..
අහ් ඒ දෙන්න .. අදුනනවා අදුනනවා ගොඩක් හොඳට අදුනනවා මං ..!

" බලපන්කො හිනාවෙවී ඉන්න ලස්සන .. මේ සිරාවටම උබේ අයිය අපිව දැක්කම අද ගොලු බීරි එකෙක්වත් වෙනවද බං .. යකෝ අපිව මූණට දැක්කත් වැඩි කතා නැති උබලගෙ අයියා බලපන්කෝ අර පොඩි එකා එක්ක හිනාවෙවී ඉන්න විදිය .."

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now