තිස් හයවන මන්දාරම 🍁

1.1K 207 191
                                    

____________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

____________________________________________________________________

" අම්මී..!"

" යමු යමු අප්පච්චියි බාප්පියි රතින්නා දානෝ එලියෙ .. අම්මියි ආච්චි අම්මයිත් යමු.. "

" පොඩ්ඩක් ඉන්න මීණු .."

" අනේ එන්නකෝ ..! ආච්චි අම්මා යමුකෝ.."

" ආ යමු යමු .."

අද අප්‍රේල් දහ තුන්වෙනිදා වෙද්දි දැන් වෙලාව රෑ නවය පහුවෙලා විනාඩි දෙකක් වගේ ..
ඔව් ඔව් තව විනාඩි තුනකින් අවුරුදු උදාව සිද්ධ වෙනවා .. ඒකට තමයි දැන් මේ අපි සූදානම් වෙන්නෙ ..

මායි අම්මයි දෙන්න එකතු වෙලා සන්ක්වික් වලින් බීම හදන ගමන් ඉද්දි කිචන් එකට කඩන් පැනපු මීණු එයාගෙ අප්පච්චියි බාප්පයි දෙන්න රතිඤ්ඤා දානවා , ඒක බලන්න අපි දෙන්නටත් යමු කියල ඇදගෙන දුවන්න හදද්දි බීම එක හදන වැඩේ පැත්තකින් තියලා අපි දෙන්නත් ගියා ඉස්සරහට ..

ගෙදර ඉස්සරහ මිදුලට වෙලා අයියයි නිසල් මල්ලියි දෙන්න ඉද්දි සීයා අප්පච්චිත් පැත්තකට වෙලා බලාගෙන හිටියා .. මායි අම්මයි දෙන්නත් ගිහින් සීයා අප්පච්චිට ටිකක් එහායින් හිටගත්තා .. මීණුත් පණ්ඩිතය වගේ ඉස්සරහට යන්න යද්දි මං නැවැත්තුවා එයාව ..

" ලගට යන්න එපා මීණු .. මෙතන ඉන්න .."

මීණුගෙ අතකින් අල්ලගෙන මං එයාව මගෙ ලගන්ම තියාගත්තා .. බය නැද්ද මන්දා මෙයා ඒවට .. ඒකට මං .. සද්ධෙ ඇහුනනම් ඇති මට මහ සද්දෙට කෑ ගැස්සෙන්න .. බොරු කියන්න ඕන නෑ ඇත්තටම මං ඔය රතිඤ්ඤා වලට පණ බයයි ..

" තව විනාඩියයි අයියෙ ..!"

ෆෝන් එකත් අතේ තියාගෙන නිසල් මල්ලි කෑ ගහනවා තව විනාඩියයි කියලා .. ඒ කියන්නෙ දැන් වෙලාව නවයයි හතරයි වෙන්න ඕන .. නවයයි පහට තමයි අලුත් අවුරුදු උදාව ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now