නවවන මන්දාරම 🍁

1K 185 56
                                    

_________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_________________________________________________________________

" ඔයා මොනවද මං ගැන දන්නෙ මිහික .."

ඔය ඇහුවෙ ඉතින් .. ඉදල ඉදල බ්‍රිගේඩියර් රෂාන් කොලුවා අපේ දොස්තර හොද හිතගෙන් ඇහුව ප්‍රශ්නෙ තමයි ඉතින් ඒ .. අනික ඒක ඇහුවෙත් කටහඩ පුලුවන් තරම් ගැඹුරු කරල .. ඒ හඩ එක්ක මිහිකට දැනුනෙ හරියට නිකන් ටීවී එකේ පෙන්නන ඩ්‍රාමා එකක මැරයෙක්ට අහුවුන පොඩි කොල්ලෙක්ගෙන් ඒ මැරය නෝන්ඩියට තමන් ගැන දන්නෙ මොනවද කියල අහනව වගේ .. දැන් දීපල්ලකො උත්තර ඉතින් ..

" ඒ කිව්වෙ .."

මිහික ඇහුවා ..

" නෑ මං අහන්නෙ ඔයා මං ගැන දන්නෙ මොනවද .. මගේ විස්තර ගැන .."

අහ්.. එහෙම එකක් ද .. අපොයි එක විනාඩියකට මිහික හිතුව දුර .. බ්‍රිගේඩියර් කොලුවව මැරයෙකුත් කරා .. ලොකු අවුලක් නෑ ඉතිම් බඳින්න කලින් ඉන්න ඔය කොයි මැරයත් බැන්දට පස්සෙ හරියට පූස් පැටව් වගේලු .. මොකද ඔය කොයි මැරයත් ගෙදර ගෑණිට බයයිලුනෙ .. අපි නම් දන්නෙ නෑ ඕවගෙ ඇත්ත නැත්ත .. ඉස්සරහට හරියටම බලාගමුකො නේද කෙල්ලනේ .. ( °_° )

" අහ් .. වැඩි දෙයක් නෑ අප්පච්චි කිව්ව ටික තමයි .."

" ම්ම්.. මොනවද අප්පච්චි මං ගැන කිව්වෙ .."

දැන් නම් ඉතින් ටික ටික දෙන්න අතර තිබුන අපහසුතාව නැති කරල දාන ගමන් දෙන්නත් එක්කම කතා කරන්න පටන් අරන් වගේ .. හැබැයි ඉතින් ඔය මොකුත් නොතේරෙන පුංචි නෙතුල් නම් වාඩි වුන බංකුව උඩට වෙලා එයාගෙ සූටි කකුල් දෙක ඉස්සරහට පස්සට හොලවන්න ගත්තා .. අනා හරිම කියුට් කොලු පැටියෙක් ..

" ඔයාගෙ නම , වයස එතකොට ඔයාගෙ ජොබ් එක වගේ දේවල් තමයි ඉතින් .."

මිහික ඉතිම් මතක් කර කර කිව්වා .. ඇත්තටම ඔයිට වඩා දෙයක් මිහිකගෙ අප්පච්චි මිහිකට කිව්වෙ නැද්ද .. නැත්තම් මිහිකට අමතක වුනාවත්ද .., එහෙමත් නැත්නම් බලෙන්ම මිහික ඒ දේවල් අමතක කරල රෂාන්ට නොකිය හිටියද ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now