තිස් හතරවන මන්දාරම 🍁

791 190 174
                                    

__________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________________________________________________

මීණුව ඇහැරෙන් නැති වෙන්න පරිස්සමට ඇදෙන් බැහලා ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් ඔන් කරගත්තු මං ඉක්මනට ඉක්මනට කාමරෙන් එලියට ඇවිත් පඩිපෙල බැහැල පහලට ගිහින් ඉස්සරහ බුදු පහන ලග තියල තිබුන යතුරු කැරැල්ල අරගෙන ගිහින් ඉස්සරහ දොර ඇරියා ..

මං දොර අරින සද්දෙට මට පිටුපාලා ,  යුනිෆෝම් හිටිය එයා එදා හවස යද්දි අරගෙන ගිය තඩි බෑග් එකත් කරේ දාගෙනම හැරිලා බැලුවා .. මං දොර ඇරල දොර ලගින් එහාට වෙද්දි එයා ඇතුලට ආවා .. එයා ඇතුලට ආවම ආයෙම දොර වහල ලොක් කරල යතුර අරගෙන බුදු පහන ලගින්ම තිබ්බා ..

" ආ .."

මං යතුර තියල හැරෙනවත් එක්කම මට පිටිපස්සෙන් හිටිය එයා මට ආ කියලා සාමාන්‍ය ෂොපින් බෑග් දෙකක් දික් කරා .. මොනවද දන්නෙ නෑ ..

" මොනාද අයියෙ .."

මං එයාගෙන් මොනාද අහන ගමන්ම ෂොපිං දෙක ඇරල බැලුවා ..

" ඔහ් රඹුටනුයි රතිඤ්ඤයි .."

ඈහ් ඒ මොන ගැලපීමක් ද දෙමියනේ ඒ .. ගැළපෙනවා කියන්න තියෙන්නෙ දෙකම පටන් ගන්නෙ ' ර ' අකුරෙන් කියන එක විතරමයි ..

අනේහ් ඉතින් .. මං නිකමට හිතුවා සතියකට පස්සෙ වැඩට ගිහින් ගෙදර එන හස්බන්ඩ් ආපු ගමන් ෂොපිං බෑග් දෙකක් දික් කරද්දි අඩුම ඒකෙ රුපියල් සීයෙ චොකලට් එකක්වත් ඇති කියල .. හැබැයි ඉතින් තිබුනෙ රඹුටනුයි රතිඤ්ඤයි .. රඹුටන් නම් කන්නවත් පුලුවන්නෙ ඒත් ඒකත් එක්ක රතිඤ්ඤා .. අයියෝ සාමී..!

" පුතා නිදිද .."

නෑ කාමරේ ඇතුලෙ ඩිස්කො නටනවා මේ මහ පාන්දර දෙකයි ගානකට පුතා ..මහ මෝඩයෙක් අනේ .. ඒ පොඩි එකා මේ වෙලාවට නිදාගන් නැතුව වෙන මොනා කරන්නද .. ගෙදර හැමෝමත් නිදි .. මාත් හොද නින්දක හිටියෙ මෙයාගෙ කෝල් එකට කලින්නම් ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now