පස්වන මන්දාරම 🍁

935 181 34
                                    

_____________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_____________________________________________________________________


මිහික හිටියෙ මිදුලෙ කෙළවරක තිබුන අඹ ගහ යට හදල තිබුන පුංචි බංකුවෙ වාඩිවෙලා .. ලස්සනට තණ ඉන්දපු මිදුලෙ මැදක තිබුන සිමෙන්ති පුටු කීපයට වඩා මිහික ගෙ හිතට ගතට අමුතුම නිදහසක් අරගෙන එන්න අඹ ගහ යට හදල තිබුන ලී බංකුවට පුලුවන් වුනා .. බංකුව උඩ වාඩි වුනාම ඇස් ඉස්සරහට මුණ ගැහෙන්නෙ සුදු හුනු ගාපු ඉඩම වටේට තිබුන විසල් තාප්පය වගේම එක පැත්තකින් තිබුනෙ මිහික ගෙ අම්මා මාලිනී ආසාවෙන් ඉන්දපු ලස්සනට මල් පිපිල තිබුන නොයෙකුත් මල් වර්ග .. එතන ගොඩක්ම තිබුනෙ රතු වගේම තවත් වර්ණ කීපයකින් යුතු රෝස පැල වගේම නොයෙකුත් වර්ණ වලින් යුත් ඇන්තූරියම් මල් යායක් .. 

වගා කරන්න තරම් ලොකු ඉඩ කඩක්  වටපිටාවෙ නොතිබුනත් පොලිතින් උර ගෙනැවිත් මාලිනී ආසාවෙන් ඉන්දපු පැල වර්ග කීපයක්ම සරුවට හැදිලා තිබුනෙ දිනපතා උදේ හවස ලැබෙන මාලිනී ගෙ සාත්තුව නිසාම වෙන්න ඇති ..


" චූටි .."

ලී බංකුව උඩ වාඩි වෙලා මාලිනී ගෙ පැල ටික දිහා බලාගෙන වෙන කල්පනාවක හිටිය මිහික ගැස්සිලා ගියෙ මිහික ලගම හිටගෙන හිටිය දසනායක මහත්තයගෙ සිහින් හඬින් ..

" අප්පච්චි .."

ලී බංකුව මතින් නැගිටින ගමන් මිහික කියද්දි මිහිකට වාඩිවෙන්න කියල දසනායක මහත්තයත් වාඩි වුනේ මිහිකත් හෙමින් දසනායක මහත්තයට ටිකක් එහායින් වාඩි වෙද්දි ..

"

චූටි අප්පච්චිත් එක්ක තරහෙන් ද .."

ලී බංකුව උඩ වාඩි වෙලා හිටිය අප්පච්චියි පුතයි දෙන්නම විනාඩි ගානක් යනකන් නිශ්ශබ්දව හිටියත් ඒ නිහඩ බව මුලින්ම බිඳ දැමුවේ දසනායක මහත්තයා ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now