තිස් තුන්වන මන්දාරම 🍁

1.1K 189 159
                                    

____________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

____________________________________________________________________


අද අප්‍රේල් දොළොස් වෙනිදා .. අයියා කෑම්ප් එකට ගිහින් අදට දවස් පහක් වෙනවා .. මේ දවස් ටිකේම මීණුයි මායි දෙන්න එකටමයි .. මීණු කොයිවෙලේත් මගෙ ඇගේ දැවටී දැවටී මගෙ පස්සෙන්මයි ..

අයියා ගියාට පස්සෙ ගෙදර ලොකුවට විශේෂ දේවල් මොකුත්ම සිද්ධ වුනේ නෑ .. හැබැයි මායි මීණුයි දෙන්නනම් ගියා ගමනක් .. අපි දෙන්නත් එක්ක හිරුෂත් ආවා .. අපි තුන්දෙනා ගියෙ කොහෙද කිව්වොත් , අපි ගියා හොස්පිට්ල් එකේ නැවතිලා ප්‍රතිකාර ගන්න පුංචි දරුවො වෙනුවෙන් හොස්පිට්ල් ස්ටාෆ් එකෙන් සූදානම් කරන අවුරුදු උත්සවේට සහභාගි වෙන්න .. කවද්ද ගියෙ කිව්වොත් අපි ගියෙ අප්‍රේල් නව වෙනිදා ..

හැම අවුරුද්දකම වගේ මේ පාරත් ඒ පුංචි පැටවුන් වෙනුවෙන් අවුරුදු උත්සවයක් සංවිධානය වෙද්දි නොවරදවාම මායි හිරුෂයි දෙන්නම ඒ වෙනුවෙන් සහභාගි වුනා වගේම මේ අවුරුද්දෙ අපි දෙන්නත් එක්ක පුංචි මීණුත් එකතු වුනා .. මීණුත් ඒ පුංචි දරුවො එක්ක එකතුවෙලා අවුරුදු ක්‍රීඩා කීපයකටම සහභාගි වෙලා සතුටු වෙද්දි මීණු වගේම ඒ පැංචොත් සතුටු වුනා ..

ඔය අතරෙදි තව දෙයක් සිද්ද වුනා .. ඒ මොකක්ද කියලා ඕතරීගෙන්ම දැනගෙන එමුකො ඒනම් ..

.

.
_ Flashback _

Author Pov ~

මීණු පුංචි පුංචි පොඩ්ඩො එක්ක ටොෆි ඇහිදින්න ගිහින් ඉද්දි මිහිකයි හිරුෂයි දෙන්න හිටියෙ ඒ ලගම හිටගෙන මීණුලාගෙ තරග පටන් ගන්නකන් බලාගෙන ..

" එතකොට උබ දාහත් වෙනිදා තියෙන අපේ අවුරුදු උත්සවේට එන්නෙ රෂාන් අයියයි පොඩි එකයිත් එක්කද .."

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now