දහ නවවන මන්දාරම 🍁

883 189 95
                                    

_________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_________________________________________________________________

අලුත් දවසකට හිරු උදා වෙලා වෙද්දි මං නැගිට්ටෙ කන ලග බෙරිහන් දෙන එලාම් එකට පිංසිද්ද වෙන්න .. අලුත් වගේම වැදගත් දවසක් අද .. අද තමයි බ්‍රිගේඩියර් මහත්තයගෙ ගෙදර යන්නෙ අපි .. තාමත් කෑ ගහන එලාම් එකත් ඕෆ් කරන ගමන් ඇඟ මැලි කැඩුව මං ඇදෙන් නැගිටිද්දි දෙයියනේ කියල මට එහා ඇදේ හිටිය හිරුෂය නම් තාමත් සැප නින්දේ .. අනේ මන්දා මූත් .. කන ලගම කෑ ගහන එලාම් එකවත් ගනන් නොගෙන නිදාගෙන ඉන්න විදිය විතරක් .. මං මේ උදේ හයට නැගිට්ටට අද මට නයිට් ෂිප්ට් එක .. මූට ඩේ එක .. ඒත් මූ තාම නිදි , මං නැගිටලා ..

හිරුෂය ලගට ගියපු මං අද මොකුත්ම නොකිය හොද පාරක් ඌගෙ පුපට ගැහුවෙ කොහොමත් ඕක නොගැහුවා නම් ඕකා නැගිටින් නෑ කියල දන්න නිසාමයි .. මොකටද නිකන් බොරුවට මං කෑ ගහන්න ඕන .. හොද පාරක් දුන්න ගමන් කොල්ල නැගිටිනවා සුද්ධ සිංහල මතක් කර කරම ..

ඒ විදියට  හිරුෂවත් නැගිට්ටවල ඉවර කරල මං ගියෙ බාත්රූම් එකට .. මං බාත්රූම් එකෙන් එලියට ආවට පස්සෙ හිරුෂ ගියා ඇතුලට .. ඊට පස්සෙ මං ගියෙ කුස්සියට .. වෙනද වගේම තේ හදන්නත් ඕන ඊට වඩා අද මං ගෙදර නිසා කාලෙකට පස්සෙ උදේට කන්න ගෙදර උයන්නයි මං ලෑස්ති වුනේ .. අද මාත් නැති නිසා හිරුෂයට කැන්ටින් එකේ කන්න වෙන්නෙත් තනියෙන් .. ඒ නිසාම මං අද උදේට කන්න කෑම ගෙදර හැදුව .. ලොකු දෙයක් නෙමෙයි සුළුවෙන් දෙයක් ..

.

.

.

වෙනද වෙලාවටම , අද හිරුෂ තනියෙන් හොස්පිට්ල් එකට පිටත් වුනේ මං විතරක් ඉතුරු වෙද්දි .. හිරුෂත් ගියාට පස්සෙ මාත් හෙමින් හෙමින් ලෑස්ති වුනා අද යන ගමනට .. ඊයෙ කිව්වත් වගේ හවස හත වගේ වෙද්දි අම්මයි අප්පච්චියි අපිව බලන්න බෝඩිමට ආවා .. හොද වෙලාවට කලින්ම ගේ අස් කරල තිබුන නිසා බේරුනා .. මිසිස් මාලිනී දසනායක ඇවිත් ඉතින් අද යන ගමනට මට උපදෙස් ගොඩාක් එක්ක අලුත් ඇඳුමකුත් තෑගි දීලයි ගියෙ .. මොනා නැතත් මේ යෝජනාව නිසා මට මේ මාසෙ ගෙවුන සති කීපෙට අලුත් ඇඳුම් දෙකක්ම තෑගි ලැබුණා .. ඒ අතින් කසාදයක් කර ගන්නවා කියන්නෙත් ජොලි වැඩක් හිතුවට වඩා නම්  ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now