විසි අටවන මන්දාරම 🍁

838 188 79
                                    

_______________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_______________________________________________________________

" ලොකු අප්පච්චි .."

වලව් වත්තෙ ඉදන් ආපු අපි හැමෝම පෝටිපෝවට එනවත් එක්කම ඉස්සරහට මුණ ගැහුනෙ හාන්සි පුටුවක වාඩිවෙලා සීයා අප්පච්චි එක්ක කතාවක ඉන්න ලොකු අප්පච්චිව .. හැමෝම කිව්වට අපෙ අයියා අපිත් එක්ක ඇතුලට ආවෙ නෑ .. එයාට කෝල් එකක් ආපු නිසා අයියා මගින් නැවතුනා කෝල් එකට කතා කරන්න .. ඉතින් දැන් මෙතන ඉන්නෙ මායි මීණුයි බ්‍රිගේඩියර් මහත්තයයි නිසල් මල්ලියි .. තව අපෙ සියාතු සීයත් හිටියා අපි එක්ක ..

සුපුරුදු විදියටම ලොකු අප්පච්චි ලගට ගිය මං එයාට කතා කරන ගමන්ම දණ ගහල වැන්දෙ ලොකු අප්පච්චි මගෙ ඔලුව අත ගාද්දි ..

" තෙරුවන් සරණයි චූටි පුතා .."

ලොකු අප්පච්චිට වැදපු මං එතනින් පැත්තකට වෙද්දි මීණුත් මං ලගට ඇවිත් මගෙ අතක එල්ලුනා ..

" මේ මිස්ටර් අබේවික්‍රමගෙ මුණුබුරෝ වෙන්න ඇති .."

ලොකු අප්පච්චි සීයා අප්පච්චිගෙන් එහෙම ඇහුවෙ නිසල් මල්ලිවයි අයියවයි පෙන්නල ..

" ඔව් ඔව් .. මේ ඉන්නෙ ලොකු කොල්ලා අර පොඩි එකා .. ලෝක ඇම්ඩෙක් හරි හිතුවක්කාරයා ඕකා .."

" අනේ සීයේ ..!"

සීයා අයියව පෙන්නල ලොකු එක්කෙනා එයා කියලා නිසල් මල්ලිව පෙන්නලා හිතුවක්කාර පොඩි එකා කියල කියද්දි අයිය ලග හිටිය නිසල් මල්ලි සීයට කෑගැහුවෙ ඒකට අපි හැමෝටම හිනා යද්දි .. මං දැක්කා අයියටත් හීන් හිනාවක් යනවා ..

" මිස්ටර් අබේවික්‍රමගෙ ලොකු මුණුබුරාව තමයි අයියෙ අපෙ චූටිට තීන්දු කරල තියෙන්නෙ .."

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now