තිස් නවවන මන්දාරම 🍁

2.2K 327 173
                                    

___________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

___________________________________________________________________

" අම්මී..! අම්මි එන්නකෝ .."

" අම්මි බාත්තරූම් එකේ මීණු .. ඇයි මොනවද ඕන .."

" අනේ අම්මි මේ දිග එක ගැලවිලා වැටුනනෙ .. හදල දෙන්නකෝ .."

" මොන දිග එකද මීණු .. පොඩ්ඩක් ඉන්න අම්මි එනකන් .."

අද අවුරුදු උත්සවේ තියෙන දවස .. ඒකයි මේ උදෙන්ම නැගිටගෙන හෝ ගාලා වැඩ ටික ඉවර කරගන්නෙ .. උදෙන්ම නැගිට්ට කිව්වට නැගිටපු විදිය ගැනනම් මතක් කරන්නත් මොකක්ද වගේ ..
සීකේ මගෙ නම්බුව ..!
තිබුනෙත් එච්චරමයි ඒකත් අන්තිමට බම්බුව වෙලා ගියා ..
කෝමද දෙයියනේ මං මේවා ඉවසන්නෙ .. ම්හුක් ..

" අම්මී..!"

" ඉන්න ඉන්න මේ එනවා .."

උදේ වුන දේවල් ගැන මනෝ පාරක් ගහන්න යද්දිම මීණු බාත්රූම් එකේ දොරට ගහල අම්මී කියල කිව්වෙ මනෝ ගහන එක පැත්තකින් තියපු මං ඇඳුම් ටික හොයද්දි ..
දෙමියනේ ඇයි අහිංසක මටම මෙහෙම කරන්නෙ ඔයා ..!

" මීණු .. පුතා..!"

" අම්මී .."

" කාමරේ ඔයා විතරද ඉන්නෙ මීණු .."

" ඔව් අම්මී ..!"

අම්නේ ඇති යන්තම් ..
මීණුව ලෑස්ති කරල කලබලෙන්ම බාත්තරූම් එකට රිංග ගත්තට මොකද මං අරගෙන ඇවිත් තිබුනෙ ටවල් එකක් විතරයි .. ඇඳුම් ටික ගන්න අමතක වෙලා .. ටවල් එකත් අමතක වෙනවා මීණුව මුලින්ම ලෑස්ති කරේ නැත්නම් .. ඔව් ඔව් මීණුගෙ ඇග සෝදවල අරන් යන්න එද්දි ටවල් දෙකම ගෙනත් තිබුන නිසයි ටවල් එකවත් තියෙන්නෙ .. නැත්තන් ඒකත් නෑ ..

" මීණු .. කාමරේ දොර වහන්නකෝ පුතා .."

" ඇයි..?"

අනේ මගෙ පුතේ..! අනවශ්‍ය ප්‍රශ්න නාහා දොර වහල එන්නකො මැණික් කැටේ ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡ Where stories live. Discover now