සිව්වන මන්දාරම 🍁

933 183 21
                                    

_________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_________________________________________________________________

" ම්..මොකක්ද අප්පච්චි .."

තමන් ගෙ අප්පච්චි ගෙ වචන ඇහුන මිහික හිටි තැනම ගල් ගැහුනෙ ඒ වගේ දෙයක් මේ වෙලාවෙ මිහික කොහොමටවත් බලාපොරොත්තු නොවුන නිසයි ..

වචන පැටලෙන්න ගත්තත් කොහොමහරි සාමාන්‍ය විදියට ඉන්න උත්සාහ කරන ගමන් මිහික දසනායක මහත්තයගෙන් ඇහුවෙ එයාට ඇහුන දේ නිවැරදි ද කියල සැක හැර දැන ගන්න ..

" ඔව් චූටි .. ඔයාට මංගල යෝජනාවක් ආවා .."

" ඔ..ඔයා .. ඔයා විහිලුවක් නේද අප්පච්චි කරන්නෙ .."

දසනායක මහත්තය මිහික ගෙ ඇස් දිහා එක එල්ලේ බලාගෙන කියද්දි ඒක සම්පූර්ණ ඇත්ත කියල තේරුනා උනත් මිහික ඒ විදියට ඇහුවෙ තාමත් මේ වෙන දේවල් මිහිකට විශ්වාස නැති නිසයි ..

" මං විහිලු කරනව වගේද චූටි ඔයාට පේන්නෙ .."

ඒ හඩ සන්සුන් උනත් වෙනදට වඩා වැඩි වෙනසක් ඒ හඩේ ගැබ් වෙලා තියෙන බව මිහිකට තේරුනා .. තවත් අප්පච්චි ගෙන් තමන් හිතන උත්තරේ ලැබෙන් නෑ කියල තේරුම් ගත්ත මිහික ඊලගට බැලුවෙ ආකාශ් වගේම මාලිනී දිහයි .. ආකාශ් තමන් ගෙ ඇස් මගෑරල අහක බලාගනිද්දි මිහික ගෙ අසරණ දෙඇස් ඊලගට නතර වුනේ තමන්ගෙ අම්මගෙ කඳුලින් බර දෙඇස් අසලයි .. කඳුළු පිරිල තිබුන මාලිනී ගෙ දෙඇස් මිහික ගෙ දෙඇස් සමග තත්පර කිහිපයකට එකට මුණ ගැහුනත් ආකාශ් වගේම මාලිනීත් ඒ අසරණ දෙඇස් මග හැර පහතට බර වුනා ..

තාමත් තමන් ගෙ ඇස් දිහා එක එල්ලේ බලාගෙන ඉන්නෙ අප්පච්චි විතරයි කියල තේරුන මිහික ඒ ගැඹුරු ඇස් දිහා බැලුවෙ සහනයක් බලාපොරොත්තුවෙන් .. නමුත් දසනායක මහතා ඊලගට කියූ දෙයින් මිහික ගෙ ඒ පුංචි බලාපොරොත්තුවත් බිඳී ගියා ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now