විසිවන මන්දාරම 🍁

1K 193 112
                                    

_________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_________________________________________________________________

" මදෙ යාලුවා ඇවිත් ..!!"

සේමිණී අම්මත් එක්ක ගේ දොර ලගට ආපු පුංචි පොඩ්ඩ නෙතුල් , එලියෙ හිටගෙන හිටිය අපිව දැකල කෑ ගහගෙන අපේ පැත්තට දුවගෙන ආවෙ සේමිණී අම්මවත් මග දාලයි .. දුවගෙන එන පුංචි පොඩ්ඩගෙ මූණ ලස්සන හිනාවකින් හැඩවෙලා තියෙද්දි ඒ හුරතල් ලස්සන හිනාව දැකපු මගෙ මූණෙත් හිනාවක් ඇදුනෙ නිරායාසයෙන් ..

ඒ අතරෙ මං දැක්කා අම්මයි අප්පච්චියි දෙන්න මං දිහා අමුතුවට බලාගෙන ඉන්නවා .. මං දන්නවා ඒකට හේතුව .. හේතුව තමයි නෙතුල් මට යාලුව කියල කතා කරපු එක .. අයිය කිසි ගානක් නැතුව ඉන්නෙ මං එයාට මුලින්ම ඒ දේවල් කියල තිබුණ නිසා .. ඒත් අම්මයි අප්පච්චියි දෙන්න දන්නෙ නෑ නෙතුල්ට මං තවමත් එයාගෙ හොඳම වගේම එකම යාලුව කියන එක .. ඒකයි ඒ දෙන්න පුදුම වෙලා ඉන්නෙ .. මං ඒ දෙන්නා දිහා බලලා ඇස් වලින් පුංචි ඉඟියක් දුන්නම අම්මයි අප්පච්චියි දෙන්නම ආයෙමත් සාමාන්‍ය විදියට හිටියා .. ඊට පස්සෙ මං බැලුවෙ දුවගෙන එන පොඩ්ඩ දිහා ..

වේගෙන් වේගෙන් දුවගෙන ආව පුංචි පොඩ්ඩා කෙලින්ම ඇවිත් මගේ අතට පැන්නෙ බොහොම පරිස්සමට මං එයාව අත් දෙකට උස්ස ගනිද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වේගෙන් වේගෙන් දුවගෙන ආව පුංචි පොඩ්ඩා කෙලින්ම ඇවිත් මගේ අතට පැන්නෙ බොහොම පරිස්සමට මං එයාව අත් දෙකට උස්ස ගනිද්දි .. හිනාවෙවී පුංචි පොඩ්ඩා ඒ පුංචි අත් මගෙ බෙල්ල වටේට යවන ගමන් පුංචි වදුරු පැටියෙක් වගේ  මගේ ඇගේ තව තව එල්ලෙද්දි මං එයාව මට තුරුල් කර ගත්තා ..

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now