විසි පස්වන මන්දාරම 🍁

923 190 83
                                    

________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

________________________________________________________________

" හැමෝම යමු මොනාහරි කාලා එන්න .."

" මේ ලමයා ආයෙත් නිදිද .. මොන නින්දක්ද මන්දා උදේ පාන්දර ඇහැරව ගත්තෙත් පුදුම අමාරුවකින් .."

මේ තරම් වෙලා හරිම නිශ්ශබ්දව තිබුන පරිසරය එකපාරටම ඝෝෂාකාරී වෙලා ගියා .. කව්ද අනේ මේ සද්ධ කරන්නෙ .. කටහඬ නිකන් අපෙ දසනායක මැණිකෙගෙත් වගේ ..

" පව් නංගි කොල්ලට මහන්සි ඇති .. ලොකූ චූටි පුතාවත් ඇහැරවගෙන එන්න එහෙනම් .. අපි යනවා .."

ඒ අස්සෙන් මට සේමිණී අම්මගෙ වොයිස් එකත් කන් දෙකට ඇහෙන්න ගනිද්දි එයා ලොකූ කියන කෙනාට චූටි පුතා කියන කෙනාව ඇහැරවගෙන එන්නත් කියල කියනවා මං අහගෙන .. දැන් කව්ද ඔය කියන ලොකූ , චූටි පුතා දෙන්නා .. අනික කොහෙද මෙයා එයාලට එන්න කියන්නෙ ..

" ම්ම් .."

ඔහෝ ඒ අස්සෙන් මට බස්සෙක්ගෙ ගැඹුරු හඩකුත් ඇහෙන්න ගත්තා .. කොහොම හරි බස්සගෙ මිමිණීමෙන් පස්සෙ අර කලින් කතා කරපු අයගෙ කිසිම සද්ධයක් මට ඇහුනෙ නෑ .. ඒ වෙනුවට මට ඇහුනා මං ලගින්ම සාගරේ තරම් ගැඹුරු හඩක් ..

" නෙතුල් අම්මව ඇහැරවන්න .."

හොදට අහල පුරුදු හඩක් හැබැයි .. අනික ඒ නම ..!

" අම්මි .. ඈරින්න .. ඈරින්න අනේ අපි තේ බොන්න යමු .. අම්මියෝ නැගිටින්නකෝ ..!"

අනේ මේ මීණුනේ .. එයා තමයි මට මේ දැන් කතා කරන්නෙ .. නිකන් නෙමෙයි කම්මුල් වලින් අල්ලගෙන පොඩි කරන ගමන් තමයි කොල්ල මාව ඇහැරවන්න උත්සාහ කරන්නෙ .. ඒත් පුතේ ඇහැරවන්න අම්මි නිදාගත්තෙ නෑ .. නෑ නේද අනේ මන්දා .. මට අවසානෙට මතක මං නිදාගෙන හිටිය මීණුවත් තුරුලු කරගෙන පහුවෙලා යන ලයිට් එලි දිහා බලාගෙන ෂටර් එකට ඔලුව තියාගත්ත විතරයිනෙ .. ඒ කියන්නෙ ෂටර් එකට ඔලුව තියාගෙන මං මෙච්චර වෙලාවක් හොදට නිදාගත්තා කියලද ..?

මන්දාරම් අහස යට || TK Nonfic ♡Where stories live. Discover now