Two

30 5 0
                                    


" ආහ්හ්"
ඔලුව ඇතුලෙන් දැනුන ලොකු වේදනාවක් එක්ක මම ඇස් අරින්න උත්සහ කරත් ඇස් දෙක අරින එක ලේසි වැඩක් උනේ නෑ... අත් කකුල් උනත් හොල්ලන්න කොච්චර උත්සහ කරත් ඒවා ඔක්කොම හිරිවැටිලා...මම මොනවත් නොකර එහෙමම හිටියෙ මට මොකද උනේ කියල කල්පනා කරන්න...

' දෙයියනේ.. අර පොඩි බබා පරිස්සමට ඇති නේද? මට එතකොට මොකද උනේ... මම මැරිලද?'

මගෙ ඔලුවට එක එක දේවල් ආවත් එක පාරම මම ඒවා හිතන එක නැවැත්තුවේ දොරක් ඇරෙන සද්දයක් ආව නිසා... මම කෝම හරි ඇස් දෙක අමාරුවෙන් භාගෙට ඇරියෙ ඉන්නෙ කවුද බලන්න

" දෙයියනේ... මම එතකොට මේ ඉන්නෙ දිව්‍යලෝකෙද?"

මට කියවුනේ ඇවිත් හිටිය angel දැකලා...

" Miss hanbyeol ... can you hear me?"

ඒ angel එක පාරම මම හිමින් මුමුනපු එක ඇහිලා මම දිහා බලන් හිටියෙ බය වෙලා... මම ඔලුව ටිකක් හෙල්ලුවේ ඔව් කියන්න..

මෙන්න මේ angel එක පාරම සාක්කුවෙන් torch එකක් අරන් මගෙ ඇස්වලට ගැහුවා... ඒකට නම් මම ඇස් ආයෙත් පියා ගත්තෙ අමාරුවෙන් ඇරිය ඇස්වලට ඒක දරා ගන්න බැරි උන නිසා...

" nurse please come quick!"

එයා කෑ ගහනවත් එක්කම මම ආයෙත් ඇස් ඇරියෙ මම මේ ඉන්නෙ දිව්‍යලෝකෙ නෙමෙයි hospital එකේ කියල තෙරුන නිසා... ඒත් එක්කම කවුද මන්ද දෙතුන් දෙනෙක්ම ඇතුලට දුවන් ඇවිත් මාව එහෙන් මෙහෙන් Check කරන්න පටන් ගත්තා... පොඩි accident එකකට මේ මිනස්සු මම නිකන් මැරිල ඉපදුනා වගේ හැසිරෙන විදිය මම බලන් හිටියෙ ටිකක් පුදුම වෙලා... ඉදල හිටල එයාලා ඇහුව දේවල් වලට ඔලුව හෙල්ලුවා ඇරෙන්න මම වැඩිය කතා නොකර හිටියෙ මුලු ඇගම හිරිවැටිලා වගේ දැනුන නිසා...

පැය එකහමාරක් විතර කට්ටියත් එක්කම එකට එකතු වෙලා එක එක පරීක්ෂන කරලා අර angel විතරක් ඉතුරු වෙලා අනිත් හැමෝම එලියට ගියා.. එයාගෙ උදව්වෙන් මම ඇදේ වාඩි උනේ දැනටමත් ටිකක් විතර හිරිවැටුන ගතිය අඩු වෙලා තිබුන නිසා...

" හරි Miss hanbyeol.. Check up ටික නම් okay.. දැන් අපි ඉතුරු වැඩ ටික බලමු"

එයා එහෙම කියන ගමන් පුටුවකුත් අරන් මගෙ ලගින් වාඩි උනා..

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaWhere stories live. Discover now