10

43 6 24
                                    

එදා වැඩේ ඉවර කරලා මම පහුවදා උදේ ගෙදර ගියෙ ජිමින් එක්කමයි.. මම යද්දිත් හනල් නම් කම්පැනි එකට ගිහින්.එදා හවස මට එයා හම්බුනාට පස්සෙ එදා ඉදන් අද වෙනකම් එයා මට එක එක කතා කියනවා.. මම ඒ නිසා දැන් සතියක් පුරාවට එයා එක්ක කතා කරේ අඩුවෙන්...

අද ඉරිදාවක්.. Park group එකටම අද නිවාඩු.. ජුන් නම් අදත් උදෙන්ම ගියා .. මමයි හනලුයි ගෙදර.. ඒත් මම කරේ රූම් එකටම වෙලා හිටිය එක.. හවස හතරට විතර මම හනල්ගෙ රූම් එකට ගියෙ පොඩි හෙල්ප් එකක් ඉල්ලන්න..

" හනල් ඔයා නිදිද?"
මම ඩෝ එක ඇරන් ඇතුලට යද්දිත් එයා ඇදේ..

" නෑ හන්.. මම මේ දැන් wash එකක් දාගෙන ආවෙ.. ටිකක් ඔලුව රිදෙන්න ගත්තා.. ඒකයි .. අනික ඔයත් උදේ ඉදන් රූම් එකේනෙ .. මේ ටිකේ වැඩ එක්ක බිසී නිසා ඔයාට කරදර කරත් නෑ.."

" අනේ ඉතින් අමාරු නම් කියන්න තිබුනනෙ.. මම pain Killer මොනා හරි දෙන්නද?.. "
මම අරන් ආව dress එක එයාගෙ ඇද පැත්තකින් තියන ගමන් එයා ලගින්ම වාඩා උනා..

" නෑ හන්.. මම ගත්තා.. ඉතින් මොකො ආවෙ .. ඇයි මේ dress එකක්?"
ඇද උඩ තියන dress එක දිහා බලන ගමන් එයා ඒම ඇහුවෙ

" මේකනෙ මම මේක ගෙනාවෙ නම් පොඩ්ඩක් try කරන්න පුලුවන්ද අහන්න.. ඩමී එක රෙපෙයාවලට දුන්න නිසා මට බලාගන්න විදියක් නෑ.."
මම අන්තිම ටික කිව්වෙ බිම බලන්

" it's Okay Han .. මම ඔයාට හෙල්ප් කරන්නම්.. ඒ ගමන් මට ටිකක් ඔයා එක්ක කතා කරන්නත් ඕනෙ.."
එයා බෙඩ් එකෙන් නැගිටින ගමන් ඒම කියන් dress එක අදින්න ගත්තා..

" මොනාද දැන් ඔය මැඩම්ට අහන්න තියෙන්නෙ?"
මිර එක ඉස්සරහට වෙලා එයාගෙ ලේස් එක හදන ගමන් මම ඒම ඇහුවා

" sure එකටම ඔයා මේ ටිකේ අවුලකින් නෙමේ නේද ඉන්නෙ.. දැන් දවස් ගානක ඉදන් හරියට කතා කරන්නෙත් නෑ.. මට face කරත් ඉක්මනට අහක බලනවා.. Is everything okay?"

" yes හනල්.. මම හොදින්.. ඔයා හිතනවා වැඩී අනේ.. මේ ටිකේ මම වැඩ එක්ක ටිකක් බිසීනෙ.. ඒකයි ඒ.. ඔයා හිතනවා වැඩීනෙ"

" හ්ම්ම්.. මටත් ඒක හිතුනා.. මේ ටිකේ ජුනුත් ටිකක් බිසී..එයත් මේ ටිකේ අඩුවෙන් කතා කරන්නෙ.."
එයා ඒම කියලා බිම බලා ගත්ත විදියට නම් මට පව් කියලත් හිතුනා..

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaWhere stories live. Discover now