14

27 7 10
                                    

Hanuel's pov
හන් ඇක්සිඩන්ට් උන දවසෙ ඉදන් අපි හැමෝගෙම ජීවිත ගොඩක් වෙනස් උනා.. එයාට සිහිය ඇවිත් දැන් මාස තුනකුත් ඉවරයි.. මේ ටික කාලෙට මම බලාපොරොත්තු නොවුන කවදාවත් අමතක කරන්න බැරි දේවල් ගොඩක් උනා.. ප්‍රපෝස් කරලා මාසයක් යන්නත් කලින් අපි වෙඩින්ග් එක ගන්න තීරනය කරේ මම අලුතින් කරන්න ගත්ත ඩිග්රි එකක් නිසා මට මාස 6 කට UK යන්න වෙන නිසා..

මම මේ දේවලුත් හිතන ගමන් මේ ලෑස්ති වෙන්නෙ හන්ව බලන්න යන්න.. බලන්න යනවටත් වඩා අද එයාට පොඩි චෙකප් වගයක් කරන්න තියෙනවා.. ඒ ටික ඉවර කරලා තව පොඩි පොඩි වැඩ ටිකකුත් කරන්න තියෙනවා..

මම හන්ගෙ එපාට්මන්ට් එක ලගට ගිහින් බෙල් නොකර කොල් එකක් ගත්තෙ කා එකත් පාක් එකේ තිබුනා වගේම මෙච්චර උදෙන් එයා නැගිටින්නෙ නෑ කියලා දන්න නිසා.. අනික මට ඕනෙ උනේ එයාව සප්රයිස් කරන්න..

දෙපාරක් විතර කොල් කරත් ආන්ස්වර් නොකර නිසා මම ඩෝ එකත් ඇරන් ඇතුලට ගියෙ එයා පාස්වර්ඩ් එක මට කලින් දවසෙ කිව්ව නිසා..

කිචන් එකෙත් හන් පේන්න නැති නිසා මම කෙලින්ම ගියෙ එයාගෙ රූම් එකට... දෙපාරක් නොහිතා මම ඩෝ එක ඇරියෙ වෙනදා පුරුද්දට ඒත් මම කියන්න හැදුව දෙයත් මම නවත්ත ගත්තෙ දැකපු දේ නිසා..
...........෴..............෴............෴...........෴........

Han's pov

අද ටිකක් විශේශ දවසක්.. මම උදෙන්ම නැගිට්ටෙ හනල් එක්ක මගෙ චෙකප්වලට යන්න.. තව එයාට වැඩ වගයක් කරන්න ඕනෙත් කිව්වා.. ජන්මි අද ඩිලිවරි එක කරන නිසා ජේහිවත් එක්කන්ම යන්න පුලුවන්..

මම ඒ ටිකත් කල්පනා කරන ගමන් මගෙ රූම් එකට ගියෙ රෙඩි වෙලාම පහලට එන්න හිතන්.. මම යද්දිත් ජිමින් ජේහි දෙන්නා හොදට නිදි...  මම සද්ද නොකර එහෙමම වොශ්රූම් එකට ගියෙ ඒ දෙන්නව ඇහැරෙයි කියලා..

විනාඩි ගානකට පස්සෙ වොශ් එකක් දාලා ඉවර වෙලා එලියට එද්දි තමයි මට තරු පෙනුනෙ.. වෙනද පුරුද්දට මම වොශ්රූම් එකට ඇවිත් තියෙන්නෙ ඇදුම් ගන්නෙ නැතුව.. දැන් කොමද ටවල් එක පිටින් එලියට යන්නෙ..ජිමින්!!!!

විනාඩි දෙකක් විතර කල්පනා කරලා කරන්න දෙයක් නැති තැන ඩෝ එක ටිකක් ඇරලා බැලුවෙ එයා නිදිද කියලා..ඔහ්හ් හොද වෙලාවට එයා නිදි.. මම හිමීට වොඩ්රොබ් එක පැත්තට ගියෙ පොඩි සද්දයක්වත් ඇහෙන්නෙ නැති වෙන්න..ආය ඇද දිහා නෙබලා ඉක්මනට ඇදුම් ගත්තෙ ඉක්මනට වොශ්රූම් එකට යන්න..

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaWhere stories live. Discover now