12

35 6 19
                                    

ඒත් ඊලගට උනේ මම කොහෙත්ම නොහිතපු දෙයක්.. කව්රුහරි කෙනෙක් ඇවිත් මාව බැක් හග් කරේ අතේ තිබුන කොලෙත් මේසෙ උඩට වැටෙද්දි.. ඒ සුවද. ජිමින් ලගින් එන පිස්සු හැදෙන සුවද ඒ.. අද ඒක ඕනෙවටත් වඩා දැනෙනවා....

ඒත් ටිකක් ඉන්න ඇයි මේ ජිමින්.....
මම බැලුවෙ මගෙ බඩ වටේ එතිලා තියෙන අත් දිහා.. මම හිතුවා හරි .. මම එහෙමම ඒ අත් දෙක මගෙන් අයින් කරලා අනිත් පැත්ත හැරුනෙ ටිකක් දුක හිතෙන මූනක් හදාගෙන..

" princess මාව හොදටම බයකරා.. ආන්ටි තරහයි princess එක්ක..."
එතන තිබුන පුටුවක් උඩට නැගලා මම දිහා බලන් ඉන්න ජේහිට මම කිව්වෙ ටිකක් දුක හිතෙන විදියට..

" අනේ ආන්ති... ජේහි ආන්තිව සප්රයිස් කරන්නනෙ ආවෙ... සොරී...."
අඩන්න ඔන්න මෙන්න මූනක් හදන් එයා ඒ ටික කිව්වෙ..
" ආන්ති තරාද Princess එක්ක.."
මගෙ උරහිස්වලින් අත් තියන ගමන් එයා ඒම ඇහුවා..

" හ්ම්ම්.. ආන්ටි තරාම තරහයි princess එක්ක.. හැබැයි එක දෙයක් දුන්නොත් යාලු වෙනවා.."

" මොනාද.. ආන්තිත චොක්ලට් ගොඩාක් ගෙනත් දෙන්නද?"

" no Princess.. ආන්ටිට කිස් එකක් දුන්නොත් විතරයි යාලු වෙන්නෙ.."
මම ටිකක් අහක බලා ගන්න ගමන් ඒ ටික කිව්වෙ ඊලගට වෙන්න යන දේ හොදටම දන්න නිසා..

ජේහි මගෙ බෙල්ල වටෙන් එයාගෙ චූටි අත් දාලා මගෙ කම්මුලක් කිස් කරා.. ඒක කිස් එකක් කිව්වට විනාඩියක් විතර මූන තද කරන් හිටියා..

" දැන් යාලුද?"
එයා ඇස් දෙකත් බෝල කරන ගමන් ඒම ඇහුවෙ..

" මම මගෙ Princess එක්ක තරහා නෑ අනේ.. කෝ එන්න අපි යමු මගෙ කැබින් එකට.."
එයාගෙ නලලින් චූටි කිස් එකක් තියන ගමන් මම එයාව වඩා ගත්තෙ මගෙ කැබින් එකට යන්න උනත් එයාට ජිමින්ගෙ කැබින් එකේ තියෙන ටෝඉස් ටික ගන්න ඕන කිව්ව නිසා අපි දෙන්නම ගියෙ ජිමින්ගෙ කැබින් එකට..

ඇතුලට යනකොටම මම ටිකක් පුදුම උනා.. වෙනදට නීට් එකට තියෙන කැබින් එක අද නිකන් හිතා ගන්නවත් බැරි විදියට වෙනස් වෙලා.. Daycare එකක් වගේ වෙලා.. Toys හැම තැනම.. බාගෙට කාපු චොක්ලට් ස්නැක්ස් බිමත් එක්ක.. ඒ මදිවට couch එක පුරාවටම එක එක කෑම වර්ග.. ඒ ඔක්කොම මැද්දෙ ජිමින් එයාගෙ ටේබල් එකේ ෆයිල්ස් වගයක් එක්ක වැඩ..

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaWhere stories live. Discover now