3

26 5 1
                                    

අදට මට සිහිය ඇවිත් සතියක්.. එක එක පරීක්ෂන ගොඩක් මේ සතියට මට කරා.. ඒත් තවම එක අඩියක්වත් මට බහින්න නම් දුන්නෙ නෑ.. මටත් දැන් සතියක් තිස්සෙ ඇදට වෙලා ඉන්න කම්මැලියිත් එක්ක.. හනල් නම් දවසකට දෙපාරක් ඇවිත් මගෙ වැඩ ඔක්කොම කරලා කියවලා කියවලා යනවා.. මේ මාස අටට ගොඩක් දේවල් වෙනස් වෙලා කියලා මට ඒ හැම කතාවකින්ම තේරුනා..

මේ සතියට Dr angel මම එක්ක ගොඩක් එකතු උනා.. එයා උනත් මොන වැඩේ තිබ්බත් මගෙ වැඩ ඔක්කොම කරා.. ගොඩක් වෙලාවට බෙහෙත් දුන්නෙත් එයා.. නයිට් duty තියන දවස්වලට වැඩ නැති උනාම එයා වැඩි හරියක් කරන්නෙ මගෙ රූම් එකට ඇවිත් මම එක්ක කියවන එක..

" හන් බෙහෙත්වලට වෙලාව හරි "

එහෙම කියාගෙන ඇතුලට ආවෙ Dr Angel.. ඒත් පොඩ්ඩක් ඉන්න ඇයි මට මේ එයාගෙ මූන පේන්නෙ නැත්තෙ..

" Jin මොකද මේ .. මෙච්චර white roses කාටද?"

මූන වැහෙන්න අතපුරා තුරුල් කරන් හිටිය මල් මිටිය දිහා බලන් මම ඇහුවෙ..

එයා ඒ මල් පොකුර නෑ ඒ මල් මිටිය ගෙනත් මට දුන්නා.. මම එයා දිහා බැලුවෙ ඇයි අහන්න

" ආ මේ අද මගෙ යාලුවෙක් අලුතින් flower shop එකක් දැම්මා.. මට invite කරල තිබුනා.. මේ මල් ටික ලස්සනට තිබුන නිසා මම අරන් ආවා.. මගෙ රූම් එකෙන් තිබ්බට වැඩක් නෑනෙ මම ඉන්නෙම එලියෙනෙ... ඔයා රූම් එකේ ඉන්න නිසා ඔයා තියා ගන්න"

එයා එහෙම කියන් වෙනද වගේම අදත් මට බෙහෙත් එක inject කරා..

" මගෙ ඔලුව රිදෙන එක දැන් අඩුයි... කලින් වගේ හැම තිස්සෙම රිදෙන්නෙ නෑ"

"හ්ම්ම්.. දැන් ඔයාට ගොඩක් හොදයි.. අද ඇවිදින්නත් පුලුවන් .. හනල් ආවාම අපි යමු.. නැත්තම් මට free වෙලාවක් තිබුනොත් මම එක්කන් යන්නම්"

" okay Jin.."

එකපාරම රූම් එකේ දොර ඇරුනම අපි දෙන්නම එක පාරම බැලුවෙ ඒ දිහා..

" හන්... sorry මැනික මට එන්න බැරි උනාට.. පොඩි වැඩ වගයක් තිබුනා මේ ටිකේ"

එහෙම කියන් එයා මාව hug කරන්න ආවත් මගෙ අතේ තිබුන රොස මිටිය දැකලා එයා එහෙමම නැවතුනා.. අතේ තිබුන මල් ටික මම ජින් අතට දුන්නෙ ටිකක් ලැජ්ජාවෙන්.. මොකද ආව කෙනා මමයි මලුයි ජින් දිහයි බැලුවෙ එච්චර හොදට..

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaOnde histórias criam vida. Descubra agora