9

36 4 23
                                    


ඔලුව පුපරන්න වගේ දැනෙද්දි මම හීමිට ඇස් ඇරියෙ මොකද උනේ කියල කල්පනා කරන ගමන්.. මම ඇස් ඇරලා කොහෙද මම ඉන්නෙ කියලා බැලුවේ.. මගෙ රූම් එක වගේ දෙගුනයක් විතර ලොකු රූම් එකක king size bed එකක මම හිටියෙ.. ඒ රූම් එක මාරම නීට්.. මම ඇදෙන් නැගිටලා ටිකක් වට පිට බැලුවෙ කව්රුම හරි ඉන්නවද බලන්න..

ඉන්නෙ කොහෙද ඉන්නෙ කාත් එක්කද වත් දන්නෙ නැතුව මට ටිකක් බය හිතුනා.. ටිකකින් රූම් එකේ ඩෝ එක ඇරුන සද්දෙ ඇහුන නිසා මම ඒ පැත්ත බැලුවෙ..

" ජිමින්..."
ට්‍රේ එකකුත් අරන් ඇතුලට ආව එයාව දැක්ක නම් ටිකක් සතුටු හිතුනා.. මොකද ඒ වෙද්දිත් මම හිතන් හිටියෙ කව්රු හරි මාව කිඩ්නැප් කරලා කියලා.. වෙනදට full suite අදින එයා දැන් ඇදන් ඉන්න black ස්වෙට් පැන්ට් එකයි white T shirt එකයි එයාට ගෙනාවෙ අමුතුම ලුක් එකක්..

" හන් ඔයා නැගිට්ටද ? දැන් ඔයාට කෝමද ? මම ජින්ටත් කෝල් කරා.. එයා කිව්වා ඒක පොඩි දෙයක් කියලා.. ප්‍රශ්නයක් නෑ බය වෙන්න එපා.. "
එයා එක හුස්මට ඒ ටික කියන ගමන් මම ලගට ආවා..

" ඇත්ටම මට මොකද උනේ... ඔලුව නම් හොදටම රිදෙනවා.. වෙන ප්‍රශ්නයක් නෑ"

මට ambulance siren එක ඇහෙන්න පටන් ගත්ත තැන ඉදන් උනු කිසි දෙයක් මතක නෑ..

" ආහ්.. ඒක නෝමල් දෙයක් ඒ ගැන හිතන්න එපා.. sorry ඔයාට ඕනෙම වෙලාවෙ ලග ඉන්න බැරි උනාට"

එයා ඒක කිව්වෙ ටිකක් අවුලෙන්..

" ඒකට කමක් නෑ ජිමින්.. ඔයා ලග හිටියෙ නැත්තම් මට මොනා වෙයිද දන්නෙ නෑ.. මමයි සමාව ගන්න ඕනෙ ඔයාට මේම කරදර කරනවට"
මම ඒක කිව්වෙ මට තියෙන අහිංසකම හිනාව දාලා..

" it's okay it's okay... කලින් බඩගිනී කිව්වනෙ.. එන්න මුලින් මේ සුප් එක බීලා ඉන්න.. ඊට පස්සෙ මේ පේන් කිලර්ස් ටික බොන්න.."
එයා අරන් ආව ට්‍රේ එක මගෙ අතට දෙන ගමන් ඒම කිව්වෙ..

" එතකොට ඔයා ?"
දෙන්නම කෑම අරන් හිටියෙ නැති මම ඒම ඇහුවෙ..

" මම ඇවිත් ඔයා නිදි නිසා coffee එකක් බිව්වා.. ඔයා මුලින්ම ඔය සුප් එක බීලා පේන් කිලර්ස් ටික අරන් ඉන්නකො.. පස්සෙ අපි ඩිනර් එක ඕඩර් කරමු"

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaWhere stories live. Discover now