8

22 6 4
                                    



පැයක් යන්නත් කලින් ජිමින් මීටින්ග් එක ඉවර කරලා මට කා පාක් එකට එන්න කියලා මැසේජ් එකක් දාලා තිබුනා.. මමත් ඉක්මනට බෑග් එකත් අරන් පල්ලෙහාට ගියෙ මගින් හනල්ව නම් හම්බෙන්න එපා කියලා හිතන ගමන්.. හොද වෙලාවට මට එයාව කා පාක් එකට යනකම්ම හම්බවුනේ නෑ..මම යද්දදිත් ජිමින් කා එක ලග..

" sorry Jimin.. ඔයා මැසේජ් එක දාද්දි මම පොඩි වැඩක හිටියෙ .. මෙච්චර ඉක්මනට මීටින්ග් එක ඉවර කරයි කියලා මම හිතුවෙ නෑ"

මම හිනාවෙලා ඒම කිව්වෙ එන්න විනාඩි 10ක් විතර පරක්කු උන නිසා..

" it's okay Han.. අපි ඒනම් යමු"
ඒයා passenger seat එකේ දොර අරින ගමන් මට නගින්න කියලා ඇස්වලින් පෙන්නුවා..

" oooh.. Thanks Jimin"
මම ඉදගත්තට පස්සෙ එයත් අනිත් පැත්තට ඩ්‍රයිවින් සීට් එකට ඇවිත් වාහනේ අරන් කා පාක් එකෙන් එලියට ආවා..

" ඒනම් මැම් අපි මුලින්ම යන්නෙ කොහෙටද ? මුලින් හොටෙල් එකට යනවද?"

" ම්ම්ම්.. ඒනම් අපි මුලින්ම ඒ වැඩේ බලලා ඉමු "
මමත් හිනා වෙලා එයාට කිව්වෙ අද කරන්න තිබුන වැදගත්ම වැඩේ ඒක නිසා

අපි දෙන්නා හොටෙල් එකට ඇවිත් ඒ වැඩ ටික කරලා ඊලගට තව තැන් දෙක තුනකටම ගිහින් ඕන වැඩ ටිකත් ඉවර කරා.. හිතුවට වඩා වැඩ ටික ඉවර කරන්න ටිකක් වෙලා ගියා..

" හන් එක වැඩක් නම් ඉවරයි.. අපිට තව සතියක් තියන නිසා මම ඒ වැඩ ටික බලා ගන්නම්.. දැන් අපාට්මන්ට් එක බලන්න යමු"

" තැන්ක්ස් ජිමින් හැම හෙල්ප් එකකටම.. මම හිතුවෙ නෑ ඔයා මෙච්චර ඉක්මනට එපාර්ට්මන්ට් එකක් හොයා ගනියි කියලා.. ම්ම් මේ ජිමින්..."
මම පොඩ්ඩක් ඇස් දෙකත් බෝල කරලා ඩ්‍රයිවින් කරනග ගමන් හිටිය එයා දිහා බැලුවෙ ..

" හ්ම්ම් "
එයා ඉස්සරහ බලන්ම ඒක කිව්වෙ..

ඇත්ත වෙලාවකට එයා හොදටම මම එක්ක කියවනවා නිකන් පොඩි එකෙක් වගේ .. තවත් වෙලාවකට මාව ටීස් කරනවා.. තවත් වෙලාවකට මේම මොන දේ ඇහුවත් හ්ම්ම විතරයි.. මුල් කාලෙ නම් මේ හැසිරීම් තේරුම් ගන්න මට ටිකක් අමාරු උනත් දැන් නම් මට ඒක පුරුදුයි..

" මේ... අපි උදේ ඉදන්මනේ මේ.. එපාරිට්මන්ට් එක බලන්න යද්දි තව වෙලා යයි.. අපි මොනා හරි කාලා යමුද?"
උදේට coffee එකක් විතරක් අරන් හිටිය මම ඒ වෙලාවෙ හිටියෙ ටිකක් බඩගින්නෙ..

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaKde žijí příběhy. Začni objevovat