11

24 6 30
                                    

දවස් ගත වෙන්නෙ හිතන්නෙවත් නැති තරම් වේගෙන්.. අද මම මගෙ අලුත් අපාටිමන්ට් එකට යන දවස.. එතන මට ඕන කරන හැම දෙයක්ම වගේ තිබුන නිසා අලුතෙන් ගෙනියන්න ඕන උනේ ඇදුම් ටිකක් විතරයි.. මගෙ වැඩවලට ඕන කරන දේවල් නම් තව ටික දවසකින් එතනට ගෙන්න ගන්නවා..
උදෙන්ම මම මගෙ bags ටිකත් අරන් එලියට එද්දි හනල් කම්පැනි එකට ගිහින්.. මම යන එකට එයා ටිකක් අවුලෙනුත් ඉන්නෙ.. මගෙ බල කිරීමටමයි එයා ටිකක් හරි ඒකට කැමති උනේ.. අදත් එයා උදෙන්ම ගියෙ ඉවර කරන්න තියෙන වැඩක් නිසා.. පුලුවන් ඉක්මනටම ඒක ඉවර කරලා මට හෙල්ප් කරන්න එන්න පොරොන්දු වෙලා..

මම කා එකට ගිහින් bags ටිකත් දාලා අන්තිම වතාවට අපාට්මන්ට් එක දිහා බැලුවෙ ටිකක් දුකින්

" බය වෙන්න එපා.. මම මාසෙකට දවසක්වත් ඔයා බලන්න එනවා.."
මම මටම කියාගෙන අලුත් අපාට්මන්ට් එකට එන්න පිටත් උනා.. එනගමන් කන්න දේවල් ටිකක් ගන්නත් මම අමතක කරේ නෑ..

................................................................

කලින් දවස්වල මම ඇවිත් මෙතන මට ඕන විදියට වෙනස් කරපු නිසා මට ලොකුවට දෙයක් කරන්න තිබුනෙ නෑ අද.. ඒ නිසා හනල් එනකම් කියලා ටිකක් inster පැත්තෙ ගිහින් ඉන්නකොට දන්නෙම නැතුව මට නින්ද ගිහින්... ටිකකින් call එකක් එන සද්දෙට මට නැගිට්ටුනේ..

" yeah hanuel කියන්න .. ඔයා ආවද ?"

" කොහෙද මනුස්සයෝ හිටියෙ.. මම calls කීයක් ගත්තද? Location එවන්න කියන්නෙ කවද ඉදන්ද .. මම බැරිම තැන ජිමින්ට කෝල් කරලා ඉන්න තැන අහ ගත්තෙ.. දැන්වත් මේ ඩෝ එක ලගට එනවද?"

එක පාරම හනල් බැනගෙන ගියපු පාර මට මතක් උනේ ඇත්තටම location යවන්න බැරි උනා කියලා.. තවත් බැනුම් අහන්න බැරි නිසා මම ඉක්මනට ගිහින් එයාව ඇතුලට ගත්තා.. හනල් අත් දෙකෙන්ම ලොකු බෑග් දෙකකුත් උස්සන් මූනත් රතු කරන් ඉන්න විදිය දැක්කම නම් ඇත්තටම මට හිනා යන්න ආවා.. තවත් හිනාවෙලා බැනුම් අහන්න බැරි නිසා මම හිනාව තද කරන් හිටියා..

" welcome to han's please"
Bags එක්කම එයාව hug කරන ගමන් මම ඒම කිව්වෙ..

" යා.. එහාට වෙනවා.. ජිමින් හිටිය නිසා හොදයි.. දවස් කීයක් එයා ඔයා එක්ක මෙහෙ ආවද හන්.. ලොකේශන් ඇහුවම එක හුස්මට කියන් ගියෙ.."

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaWhere stories live. Discover now