4

27 5 0
                                    


"වාව්... මේක අපි කලින් හිටිය තැනට වඩා ගොඩක් ලොකුයිනෙ"

අලුත් ගෙදර දැක්ක ගමන්ම මට කියවුනේ එහෙම..
අදට මම ඇවිදින්න ගත්ත දවසෙ ඉදන් සති 02ක්.. දැන් මට කිසි ප්‍රශ්නයක් නැතුව ඇවිදින්න පුලුවන්.. විඩින් විඩේ එන ඔලුව රිදිල්ල ඇරෙන්න දැන් මට කිසි ප්‍රශ්නයක් නෑ..

" හොස්පිට්ල් එකට වගේම office එකටත් ලග නිසා මෙතන ගත්තෙ... ඔයාට බැල්කෙනි එකත් එක්ක තියෙන රූම් එක කමක් නෑනෙ..තරු බලන්නත් ආසයිනෙ.. ඔයාගෙ බඩු ටික ඒකෙ තියෙනවා... හැබැයි අස් කරල නම් නෑ.. දැනට ඒක ගිහින් බලන්න.. ටිකකින් Jun ආවම ඕන විදියට වෙනස් කරමු . හරිද?"

මම හා කියලා රූම් එකට ගියෙ දැනුන මහන්සියටත් එක්ක.. ඇතුලට ගියාම දැක්කෙ ඒක හිතුවට වඩා ගොඩක් ලොකුයි.. හනල් බෑග්ස්වල මගෙ බඩු වෙනම පැත්තකින් තියලා.. කාමරේ හැම තැනම බලපු මම ඊලගට ගියෙ බෙඩ් එක ඉස්සරහ ලොකු ග්ලාස් ඩෝ එක ලගට.. ඒකෙන් අපි හිටිය town එකම ලස්සනට පෙනුනා.. මම ඩෝ එකත් ඇරගෙන බැල්කනි එකට ගියෙ ඒ අලුත් වීව් එක අඩුවක් නැතුව බලන්න හිතාගෙන...මේ මාස ගානට වෙලා තියෙන දේවල් මම එකින් එක හිතන්න ගත්තෙ සමහර වෙනස්වීම්වලට එකපාරම හැඩගැහෙන්න ටිකක් අමාරු නිසා..

" හන් මෙන්න කොෆී එක.. "

ටිකකින් හනල් කෝෆී එක ගෙනත් දුන්නම මම මේ ලෝකෙට ආවෙ.. මම ඒකත් අරන් ආයෙත් එලිය බලාගත්තෙ ඒක ඒ තරම් නිදහස් නිසා...

" මොනාද ඔච්චර කල්පනා කරන්නෙ ආ... රූම් එක හරි නැද්ද?"

" එහෙම දෙයක් නෙමෙයි අනේ.. මේක හිතුවට වඩා ගොඩක් ලස්සනයි.. නිදහස් .. ඔයාට බැල්කෙනි රූම් එක ගන්න තිබුනනෙ.. මට වඩා ඔයා කැමතියිනෙ බැල්කනි එකට.."

" ඒ රූම් එකේ බැල්කනි එකක් තියෙනවා.. මේ තරම් ලොකු නම් නෑ බටි රුම් එක මීට වඩා ටිකක් ලොකුයි.. මමයි Jun දෙන්නම ඉන්න නිසා ඒක ගත්තා..."

එයා මට ඒක කිව්වෙ එයාගෙ ගොන් හිනාවත් දාක ගමන්...

" ඒකට නම් කමක් නෑ හනල් බට් මගෙ wedding dress එකක් අදින්නෙ නැතුව මාව නැන්දෙක් නම් කරන්න එපා ඔන්න"

මම ඒක කිව්වෙ ටිකක් සීරියස් මූඩ් එකකින්..මගෙ ටියුබ් ලයිට් යාලුවාට ඒක තේරෙන්න ටික වෙලාවක් ගියා.. ඒක මම තේරුම් ගත්තෙ එයාගෙ රතු උන මූනෙන්...

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaWhere stories live. Discover now