19

24 7 10
                                    

අද කම්පැනි එකේ වෙනද තරම් කට්ටිය හිටියෙ නෑ.. හැමෝම වෙඩින්ග් එකට මේ ටිකේම මහන්සි උන නිසා අද නිවාඩු දවසක්.. ඒත් important වැඩ තිබුන ටික දෙනෙක් ඇවිත් හිටියා..
මම යද්දිත් ක්ලයන්ට් මාව මීට් වෙන්න ඇවිත්.. මම එයා එක්ක දැන් පැයක විතර ඉදන් මීටින්ග් එකක.. මීටින්ග් එක වෙලෙත් මම ප්‍රාර්ථනා කරේ ජිමින් නම් එන්න එපා කියලා

හේතුවක් නෑ.. ඒත් දැන් මට එයාට face කරන්න ටිකක් අවුල්... මට මතක දේවල් නැතුව තව මොන මොනා මම කරාද දන්නෙ නෑනෙ...

" Okay Miss Han.. ඒනම් අපි කතා කර ගත්ත විදියට තව සතියකින් UK වලදි මීටි වෙමු..මම හැම දේම රෙඩි කරලා කියන්නම්.."
කල්පනා කරන ගමන් හිටිය මම හොද සිහියට ආවෙ එයාගෙ කතාවට

" okay Mr kim.. අපි ඒනම් එදාට හම්බවෙමු.."
එයා මටත් ග්‍රීටි කරලා එතනින් ගියා..

ආ ඒ අපි කතා කරේ තව සතියකින් Uk වල තියෙන Fashion walk එක ගැන.. Kim group එකයි Park group එකයි එකතු වෙලා ඒක කරන්නෙ.. කලින් මාස දෙක පුරාවටම මම ගොඩක්ම මහන්සි උනේ ඒක වෙනුවෙන්..

මම කැබින් එකට ආව ගමන් හන්ට මැසේජ් එකක් දාන්න phone එක අතට ගත්තෙ.. Jimin ගෙන් missed Calls 12ක්.. මට Call Back කරන්න කිසිම උවමනාවක් තිබුනෙ නෑ.. ඒත් මට එයාව මග අරින්න හේතුවකුත් නැති නිසා මම Call එකක් ගත්තා..

Phone එක ring උනත් answer නොකල එකට මට ටිකක් සතුටුත් හිතුනා.. ඒත් ඊලගට උනේ මම කොහෙත්ම බලාපොරොත්තු නොවුන දෙයක්..කැබින් එකේ ඩෝ එක ඇරෙනවත් එක්කම මම ඒ පැත්ත බැලුවෙ සාමාන්යෙන් knock නොකර ඇතුලට එන්නෙ හනල් නිසා..

" come to my cabin just now!!!!!"
ඇරියටත් වඩා ඉක්මනින් ඩෝ එක වහපු ජිමින් එතනින් ගියා...

හොදට හිටිය මෙයාට එක පාරම මොනා උනාද😒 මෙච්චර තරහෙන් කතා කරලම නෑ මට.. යන්න බෑ කියලා හිතුනත් වෙන කරන්නම දෙයක් නැති නිසා මම මගෙ කැබින් එකෙන් එලියට ආවා..

මම එයාගෙ කැබින් එක ලගට යද්දිම එක පාරම එයාගෙ සෙකට්රි එලියට ආවා .. ඒකත් ටිකක් අවුලෙන්..

" ඇයි එරික්.. මොකක් හරි ප්‍රශ්නයක්ද?"
වෙනදා දැකපු ගමන් හිනා වෙන එයාගෙ මූනෙ වෙනස පැහැදිලිවම පෙනුනා..

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaHikayelerin yaşadığı yer. Şimdi keşfedin