"නිර්නාමික-4"

101 23 4
                                    


එහෙම කිව්ව තුහින එතනින් නැගිටලා ගියේ අනිත් බඩු ටික ගේන ලොරිය ආව නිසා . තුහින ඒ පැත්තට ඇවිදගෙන යනකොට ආධිල් බලං ඉදියෙ ඒ ස්ටේජ් එක දිහා .

" ඔව් ඇත්තටම , තුහින කිව්වෙ ඇත්ත. මේ ස්ටේජ් එක හරිම සන්සුන් පාටයි . කලබල ගතියක් නෑ . අනේ මංදා මොකද්දෝ හිත නිවන ගතියක් මේ පාට වල තිබ්බා . එළියෙ හොද හුළගකුත් තිබ්බා . ග්‍රවුන්ඩ් එක වටේම තිබ්බෙ ලොකුම ලොකු පිහිඹියා ගස් යායක් . ඇත්තටම කැම්පස් එකේ තිබ්බ පරිසරය හරි අමුතුම විදියෙ එකක් ."

තුහින : යා ආධිල් .... ආධිල් ... යකෝ මනුස්සයෝ....

බැරිම තැන තුහින කිව්වෙ කල්පානාවක ගිලිලා ඉදපු ආධිල්ගෙ කන ළගටම නැවිලා කෑ ගහලා.

ආධිල් : අප්පටසිරි... මං වෙන කල්~

තුහින : දැක්කා දැක්කා... සිහින කල්පනා ලොවක තනිවෙලා හිටියෙ කියලා . මෙහෙ වරෙන්කො. මේක බරයි....

අතේ තිබ්බ තඩි බෆල් එක බදාගෙන තුහින කෑ ගැහපුවම ආධිල් පස්සත් පිහදාගෙන දුවලා ගිහින් ඒකෙ පැත්තකින් අල්ල ගත්තා . ඒකත් ගිහින් ස්ටේජ් එක පිටිපස්සෙ තිබ්බ ලොකු හට් එක යටින් තියලා දෙන්නා එක්කම ආපහු ආවෙ ඉදගෙන ඉදපු තැනට .

......... : අයියෙ මෙතන ලයිට්ස් ටික හයි කළාම අපිට යන්න පුළුවන් නේද... ? සවුන්ඩ්ස් කොහොමත් හෙට සෙට් කරනවා කිව්වෙ ....

ටීම් එකේ ළමයෙක් ඇවිල්ලා තුහිනගෙන් ඇහුවා . කොහොමින් කොහොම හරි ඒ වෙද්දි රෑ අටත් පහු වෙලා තිබ්බෙ . එවෙලෙ තමයි තුහින නිකමට වගේ බැදගෙන ඉදපු වොච් එකෙන් වෙලාව බැලුවෙ .

තුහින : අහ්... ඔව් මල්ලි . මේ ටික ඉවර උණාම පලයන් . අනිත් උන්ටත් කියපන් . අහ් මේ හත වෙද්දිවත් මෙතෙන්ට වරෙම් හෙට ඔක්කොමලම හොදේ.... මොකද ෆ්ලවර්ස් ටික ඇරේන්ජ් කරන්න ඕන .

........ : අහ් හරි අයියෙ....

ඌ එතනින් දුවලා යන ගිහින් තවත් පැය භාගයක් විතර යනකොට ලයිට්ස් වල වැඩත් සේරම ඉවර කරගන්න පුළුවන් උණා .

ඉදගෙන ඉදපු තැනින් නැගිටපු ආධිල් වගේම තුහින ලයිට්ස් ටික දාපුවහම ටික වෙලාවක් ඒ දිහා බලං ඉදියෙ හරිම සන්සුන් විදියට. ඒ ලයිට්ස් හැම එකක්ම කහයි සුදුයි ඒවා . හරිම ලස්සන විදියට ඒවා එල්ලලා තිබ්බා . පිහිඹියා ගස් වල පවා හරිම චාම් වගේම minimal ගතියක් පේන විදියට ලයිට්ස් දාලා තිබ්බෙ.... .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now