" නිර්නාමික-36 "

52 12 6
                                    

තුහින : ආධිල් ! මගෙ කකුල් දෙක උඩින් නැගිටපන් බං .

ආධිල් : නිරාශා තමයි මුළින් බහින්න ඕනෙ . මං නෙවේ . යකෝ නිරාසේ නැගිටපම්....

නිරාශා : හිටපම් පරයෝ . අම්මේ.... අනේ මේ ටුටූ ව ගන්නකෝ....

ඔව් ඔව් . තුහින ඉදියෙ බිම පතබෑවිලා . උදේ කැම්පස් ඇරිලා තුන් දෙනත් එක්කම නිරාශලාගෙ ගෙදර ආවෙ ආන්ටි රෑට කාලා යන්න එන්න කියපු නිසා . ඒත් දොර ඇරගෙන ඇතුළට යන්න යනකොටම වගේ නිරාශගෙ තඩි බළු කොල්ලා පැනගෙන ආවෙ නැතැයි දුවගෙන . ඒකට බය වෙලා නිරාශගෙ පිටිපස්සෙ හැංගෙන්න ගිහින් තමයි ඔය කෙල්ලත් පෙරළගෙන අත් කකුලුත් පටලොවං තුන් දෙනත් එක්කම බිම පත බෑවුනේ .

තුහින : මාර ටුටුවෙක් තමයි ඒ !

ආධිල් : පස්ස නෑ වගේ .

නිරාශා : අනේ පලයන් යකෝ . තිබ්බනෙ උඹට පස්සක්.

අම්මා : ටුටූ යන්න කිව්වෙ ඇතුළට . යන්න යන්න. කට්ටිය ගෙදෙට්ට එන කොට කොච්චර කිව්වත් ලොකු පුතාට මේ ටුටූව ගැටහගලා තියන්න බැරි හැටියක් .

ආධිල් : කාගෙද එයා . අයියගෙද ?

නිරාශා : නෑ . අයියා ගෙනත් දුන්නෙ මට .

ආධිල් : ඒක තමයි මූණු දෙකේ වෙනසක් නැත්තෙ .

අම්මා යනකන් ඉදලා ආධිල් කිව්වම නිරාශා ආධිල්ගෙ බඩ කෙනිත්තුවා .

ආධිල් : රිදෙනවා පගෝ . අනේ ඒයි මෙයා මේ ඔයාගෙ අහිංසක බෝයි පෙන්ව කොනිත්තන්නෙ ඇයි අහන්නකො .

තුහින : උඹේ කට නිසානෙ ආධිල් . මං මොනා කරන්නද ?

නිරාශා : පිස්සුද යකෝ කෑ ගාන්නෙ . අම්මපා තුහින උඹටවත් බැරිද මුගෙ කටට මොකක් හරි කරන්න .

ආධිල් : ඇයි මගෙ කටට මොනා කරන්නද . කට කන්න යැයි .

තුහින : මොනාද යකුනේ කියවන්නෙ .

අම්මා : පුතාලා මේ බීම එක බොන්න . තව ටිහකින් කන්න බැරියෑ .

තුහින : තැන්ක් යූ ආන්ටී . ඒක නෙවේ බං . අයියා නෑ ?

නිරාශා : අද නෑ බං . වැඩකට කියලා ගාල්ලෙ ගිහින් .

ආධිල් : එතකොට උඹලේ අක්කා ?

NIRNAMIKA | සිංහල | (Anonymous)Donde viven las historias. Descúbrelo ahora