තුහින : ඇයි ආධිල් ?
ආධිල් : අහ් න්-නෑ මං
තුහින : හිතට සනීපයි නේද ?
ආධිල් : ම්ම්.... ඔව් . හුගක් .
තුහින නැගිටලා යන කොට මාත් නැගිටලා එයා එක්ක යන ගමන් එහෙම කිව්වා . මාළිගාවෙන් එළියට ආපු කිරි මුහුද වැව අයිනෙන් තිබ්බ ගල් අල්ලපු පාර දිගේ ඇවිද ගෙන ඉස්සරහට ගියා .
තුහින : උඹට ඒක හිතට නිදහස් නම් අපි ආපහු එමු .
ආධිල් : හ්ම්.... අපි එමු . උඹ හිතනවද මේ හැම දේම හරි යන දවසක් ඒවි කියලා ?
තුහින : මං හිතන්නෙ නැති වෙයි .
ආධිල් : එහෙනම් ?
තුහින : හැම දේටම හුරු වෙන දවසක් එනවා . අන්න එදාට හැම දේම හරි යනවා ආධිල් !
ආධිල් : උඹේ වචන මට හරි බරයි තුහින !
තුහින : චිත්‍ර අදින සිත්තරොන්ගෙ හැගීම් කොහොමත් හරි බරයි ආධිල් . ඉතින් වචනත් වෙනසක් නෑ මං හිතන්නෙ .
එතන තිබ්බ බැම්මට හේත්තු වෙලා ආධිල් එහෙම කියන කොට තුහින යන්තන් හිනා වෙලා ආධිල්ට උත්තර දුන්නෙ තමන්ගෙ අත් දෙක දිහා බලා ගන්න ගමන් ලොකු හුස්මක් පහළ දාලා . ආධිල්ටත් තුහින කිව්ව කතාවට යන්තන් හිනා ගියත් එයා දැනන් උන්නා තුහින තමන්ගෙ ජීවිතේටත් වඩා ආස කරපු දේ තමන්ගෙ තාත්තා නිසා අත ඇරියා කියලා . ඉතින් කොහොම උත්තර දෙන්නද ආධිල්ට හිතා ගන්න බැරි උණත් එයා මේකට පුංචි හිනාවකින් උත්තර දුන්නා .
ආධිල් : ඒත් උඹේ ඒ හැගීම් උඹ ඇතුළෙ හිර කරලා තියා ගෙන දුක් විදින්නෙ ඇයි තුහින ?
තුහින : මට දුකක් නැත්තෙ නෑ තමයි . ඒත් ඒක වැඩි අවුලක් නෑ බං...
ආධිල් : උඹ මටද ඔය බොරු කරන්නෙ තුහින ? දැන ගනින් උඹ මට බොරු කියයි . ඒත් මං හිතන්නෙ උඹේ ඇස් දෙක එහෙම කරන්නෙ නෑ .
තුහින : ම්ම්... මං කියන්න දන්නෑ ආධිල් . මට හිතෙන විදියට මට දැන්ම පින්සල අතට ගන්න බැරි වෙයි .
ආධිල් : ඒ ඇයි තුහින ?
තුහින : දන්නෑ බං . මං තාමත් ඒ දේට හේතුව හොයනවා .
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Non-Fiction~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...