" නිර්නාමික-17"

73 16 3
                                    

හිතුවා වගේම තුහිනගෙ අයියා නිම්න එදා දවල් ගිහින් එයාගෙ අයියගෙ යාළුවා දෙනුවන්ව මීට් උණා . දෙනුවන් කේස් එක බාරගන්න කැමති උණා මොකද නිම්නයි දෙනුවනුයි පොඩි කාලෙ ඉදන් දන්න යාළුවෝ දෙන්නෙක් . ඒ වගේම ඒ ගැන රුවීශට දැනුම් දෙන්න ඕන නිසා පොලිස් ස්ටේශන් එකෙන් ගත්ත ලිවුමකුත් එක්ක ඩිවෝස් පේපරුත් දිග එන්විලොප් දෙකක දාලා දුන්නා . දෙනුවන්ගෙ ඔෆිස් එක තිබ්බ නුවර පොලීසිය ගාවමයි . ඒ නිසා නිම්නට ඉක්මනින් වැඩ ටිකයි ඩිවෝස් එකට ඕන ඩොකියුමන්ට්ස් ටිකයි හදා ගන්න ගියේ පැය දෙකක් විතර ටික වෙලාවක් . හොද වෙලාවට දෙනුවන් තමන්ගෙ යාළුවා උණේ . නැත්නම් පැය ගානක් නැහෙන්න එපැයි මේ ටික කරව ගන්න .

නිම්න එද්දි හවස හතර විතර උණා . ඒ වෙද්දි තුහින නම් හොදටම ලොකු නින්දක ඉදියෙ . උදේ ඉදන් යෙනූව බලා ගෙන මහන්සිත් ඇති කොහොමත් . ඒ නිසා නිම්න හිතා ගත්තා හවස් වෙලා එයා නැගිට්ටහමම විස්තරේ කියනවා කියලා . හවස් වරුවත් ඔහේ ගෙවිලා යන කොට රෑට කෑමත් කාලා ඉවර වෙලා නිද අගන්න ගියාම නිම්න තුහිනගෙ රූම් එකට ගියේ එන්විලොප් දෙකකුත් අරගෙනම .

තුහින : ආ.... එන්න අයියෙ

නිම්න : බං.... උබ රුවීශා ට කෝල් කළාද ?

තුහින : ඔව් අයියෙ... අයියා දෙනුවන් අයියලගෙ දිහා ඉන්න කොට කිව්වනෙ දවල් වැඩේ කර ගන්න පුළුවන් කියලා . ඒ නිසා අයියා එන්න කලින් එවෙලෙම මං කෝල් කළා .

නිම්න : ම්ම්.... ඒක හොදයි . එනවා කිව්වද ?

තුහින : අදි මදි කළා . ඒත් මං කිව්වා ඒකෙන්  එයාටමයි පාඩු වෙන්නෙ කියලා . පස්සෙ අපේ පස්සෙන් එන්න එපා කිව්වා . ඉටපස්සෙ තමා හා කිව්වෙ .

නිම්න : උඹ මොනා කියන්න යනවද කියලා මට නම් තේරෙන්නෙ නෑ තෙදස්වර . ඒත් මං දන්නවා උඹ කිසි දෙයක පුංචිමවත් වරදක් තියන්නෙ නෑ කියලා . ඒ නිසා බයක් නෑ ... ආ මේ තියෙන්නෙ පොලිසියෙන් ගත්තු ලියුමයි දෙනුවන් දුන්න ඩිවෝස් පේපර්ස් දාපු අනිත් එන්විලොප් එකයි

එහෙම කිව්ව නිම්න එන්විලොප් දෙකම තුහිනට දුන්නා .

තුහින : මේ... ඔක්කොම ඩොකියුමන්ට්ස් හරියට තියෙනවා නේද ?

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now