" නිර්නාමික-22"

71 20 6
                                    

ආධිල්'s pov

"ශිට් ඊයෙ තුහින ගිය නිසා අද කැම්පස් ආවත් හෙණම පාළුයි වගේ . නිරාශා හම්බ වෙන්න වෙන්නෙත් එකොළහට දොළහට විතර . ඒකි එන්නෙ ලෙක්චර් එක පටන් ගත්තහම නිසා මට මෙතන බකන්නිලාගෙන ඉන්න වෙලා තියෙන්නෙ දැන් . දැන් සමහර විට ඌ උසාවියට ගිහිනුත් ඇති .... ආ නෑනෙ නඩුව තියනවා කිව්වෙ දෙකටද දෙකහමාරටද කොහෙද කිව්වනෙ. ආ උඹේ මතකෙත් අන්තිමයි ආධිල් දැන් . බලපන් මේ කියන දේ මේ පැය විසි හතරක් යන්න කලින් අමතකයි.  එදා කාපු croissant එකේ අවුලද ? නෑ නෑ නිරාසා කෙම්ලගෙ අලුවා කෑම්ල වෙන්නත් බෑ . ඒක කෑවෙ මම විතරක් යැයි . හවසට තුහින ට කතා කරලා බලන්න ඕන මොනා වුණාද කියලා ."

පිහිඹියා ගහ යට ගහටත් හේත්තුවක් දා ගෙන ආධිල් තනියම කියවන හැටි බලං ඉදියා නම් බලන්න තිබ්බා කොල්ලගෙ කල්පනාවක තරම . තවත් විනාඩි දෙක තුනකින් පිහිඹියා ගහෙන් මෑත් උණ ආධිල් යන්න ගියේ ලෙක්චර් හෝල් එක දිහාවට . පැය තුනක විතර ලෙක්චර් එකෙන් පස්සෙ ආධිල් ෆෝන් එකත් අතේ අරගෙන ආවෙ තුහිනට මැසේජ් එකක් දාලා තියන්න හිතා ගෙන .

........... : ආධිල් අයියේ ?

ආධිල් හැරිලා පිටි පස්ස බලන කොට කෙල්ලො තුන් දෙනෙක් ඉන්නවා නිකන් ඉසකුඩිච්චි තුනක් වගේ .

ආධිල් : ඇයි ?

........ : අයියේ... මේ අපි තුන් දෙනාට සිංදුවක් තියෙනවා පුරුදු කරන්න බැරිද ඔයාට ? අනේ අයියේ . බෑ නම් කියන්න එපා අනේ...

එතන ඉදපු එක කෙල්ලෙක් අතේ ඇගිලි එකට අල්ල ගෙන ඇසුත් කරකෝ කරකෝ දෙපැත්තට ඇඹරෙන කොට ආධිල් බලන් ඉදියෙ හරිම කුජීත හැගීමකින් .

ආධිල් : ම-ම

නිරාශා : ආහ්... හරි මහන්සී බබා . කන්න යමුකො...

එතනට එක සැරේම ආව නිරාශා එහෙම කිව්වෙ ආධිල්ගෙ අතක එල්ලෙන ගමන් .

ආධිල් : ආහ් ඔයා ආවද .... අපි යමු . බඩගිනිත් ඇතිනෙ නේ..

නිරාශා : මේ කවුද මේ නංගිලා ?

ආධිල් : මං දන්නෑ බබා . ඔයාලාට ඕන නම් මං වෙන කෙනෙක් සෙට් කරලා දෙන්නම් කුප්පියක් දා ගන්න .

.......... : ආ... අනේ අයියේ. ඔයාට බැරිත ?

නිරාශා : නංගි ඕක ලෙඩක් . හරියට වචන උච්චාරණය වෙන්නෙ නැති එක ! මං තව අවුරුදු එකහමාරකින් ඩිග්‍රි එක ගත්තහම මගේ ගාවට එන්න . බෙහෙත් දෙන්නම්... So excuse me... Let's go baba....

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now