ආධිල්'s pov
"මම තුහිනගෙ අම්මා හදලා දීපු තේ එකත් අරගෙන ඇවිල්ලා තුහිනලගෙ ගාර්ඩ්න් එක අයිනෙ තිබ්බ බංකුවේ ඉදගෙන ඔහේ බලං ඉදියා . ඊයෙ රෑ එද්දි පාන්දර එකටත් කිට්ටුයි . මම නිසා තුහිනටත් එයාගෙ අම්මලා එක්ක අවුරුද්දට ගෙදර ඉන්න බැරි උණා . මගේ හිතේ තිබ්බෙ වදකාර හැගීමක් ඒ ගැන . සේනාරත්න අන්කල් උදේම කම්පැනි එකට ගියා . තාත්තත් ශොප් එකට යන්න ඇති . මං දන්නෑ අඩුම තරමෙ මොනවද මං මේ කරන්නෙ කියලවත් ? අම්මටයි නංගිටයි මොකද දන්නෙත් නෑ . තාත්තා හොදටම බැන්නද දන්නෑ අම්මට "
තවත් විනාඩි පහක් විතර යනකොට තුහිනත් තමන්ගෙ තේ එක අරගෙන ඇවිල්ලා ආධිල් එහා පැත්තෙන් ඉදගෙන උගුර පෑදුවේ ආධිල් බර කල්පනාවක ඉදපු නිසා .
ආධිල් : අහ්.... උඹ ! මං එනවා දැක්කෙත් නෑ .
තුහින : කොහෙ දකින්නද ? උඹ කොහේදෝ ලෝකෙක අතරමං වෙලානෙ ඉදියෙ . ඔය නළලෙ මේක ගා ගනිම් . මේක ඔය උඹේ කටේ ගා ගනිම් . ඉදා....
බෙහෙත් ටියුබ් දෙකක් ආධිල්ගෙ ඔඩොක්කුවට දමලා ගහපු තුහින තේ එකෙන් උගුරක් බීලා ලොකු හුස්මක් පහළ දැම්මා .
තුහින : ඊයේ මොකද උණේ ආධිල් ?
ආධිල් : ම්ම්... මං... නෑ බං මේකයි !
තුහින : ම්ම් ? කියන්න ඉතින් . මං අහං ඉන්නෙ .
ආධිල් : මං ගමේ ගියේ විසි නම වෙනිදා . එදා ඩිනර් ගද්දිත් ඉතින් සුපුරුදු විදියට තාත්තා මට අරහෙන් මෙහෙන් බැන බැන දෙහි කප කප ඉදියෙ . මං අඩු ගානෙ දන්නෑ ඇයි එයා මට එහෙම කරන්නෙවත් කියලා . පස්සෙ මහ අමුතු කතාවක් මට කිව්වනෙ බං .
තුහින : දිගටම කියන්න ආධිල් ! මොකද්ද කිව්වෙ ජයසිංහ අන්කල් ?
ආධිල් : " මං හිටවපු ගස් ගැන මං හොදට දන්නවා" කියලා මගෙ මූණට කෑ ගහලා යන්න ගියා .
තුහින : මොකක් ? ඒක නිකං යකාගෙ කතාවක්නෙ බං .
ආධිල් : ඒ කියන්නෙ එයා අදහස් කළේ මං හිතන එකමද බං ?
තුහින : හ්ම්... මං පිටින් බලලා උත්තරයක් දෙන්න දන්නෙ නම් නෑ ආධිල් . උඹ මේ අලුත් අවුරුද්දෙ ඕවා නොහිතා ඉදපන් .
YOU ARE READING
NIRNAMIKA | සිංහල | (Anonymous)
Non-Fiction~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "නිදන්ගත ආත්මයෙන්ම සිත්තරෙකු වූ ඔහු එම සංගීත ශිල්පියාට කෙසේ තනු ලියාවිද ?" ...