" නිර්නාමික-32 "

59 8 2
                                    

තුහින ආධිල් එක්ක තේව් අයියත් කතා බහක යෙදිලා යන්න ගියාම ඒ මුකුත් නොදන්න ශෙවෝන් ඉදියෙ ගෙදර බැල්කනි එකට වෙලා කෝපි එකක් බොන ගමන් . උදේ ආධිල්ලගෙ ගෙදර ඉදන් ඇවිල්ලා එහෙම්මම බිස්නස් වැඩකට ගිය නිසා ශෙවෝන්ට දවල්ට කන්න හම්බෙද්දිත් හවස පහාමාර විතර වෙලා තිබ්බෙ . ඒ වෙලාවට කාපු නිසා ආපහු රෑට කන්න ඕනයි කියලා මහ බඩගින්නක් නාව නිසාත් සැන්ඩ්විච් එකක් කාලා කෝපි එකක් බොන්න හිතුවා . කාලා ඉවර වෙලා අයි පෑඩ් එකේ පීඩී එෆ් කරපු ඩොකියුමන්ට් එකක් බලන ගමන්ම ශෙවෝන් ඇවිල්ලා බැල්කනි එකේ දාලා තිබ්බ ලී සෙටියෙන් වාඩි උණා . තේ එක බීලා ඉවර වෙලා අයි පෑඩ් එකත් පැත්තකින් තිබ්බ ශෙවෝන් නැගිටලා ගිහින් අත් වැටට හේත්තු උණා .

දවස් ගෙවෙන්නෙ ඊතලයකටත් වඩා වේගෙන් කියලා ශෙවෝන්ට හිතුණා . ඇත්ත මහ අවුරුදු ගානකුත් තප්පර ගානක් වගේ දැනෙන කොට , උදේට ඉර පායලා හවසට බැහැලා ගිහින් හද පෑවුවහම ඉවර වෙන පැය විසි හතරටත් දවසක් කියලා නමක් දෙන්න බැරුව ශෙවෝන් ලත උණා .

ඇත්ත පොඩි කාලෙ සරලව ගෙවුණ ජීවිතේ , මේ මොහොත වෙන කොට කොච්චරක්නම් කියලා සංකීර්ණ වෙලාද ?
අම්මගෙ අතේ එල්ලිලා ඉස්කෝලෙ යන්න ගත්ත දවසෙ ඉදන් අපි කොච්චර දුරක් ඇවිල්ලද , ඒක හරි ලොකු දුරක් . මොකද දැන් අපිට ඒ අතත් ඇතෑරිලයි තියෙන්නෙ මේ වෙද්දි . දැන් අපි තමයි ඒ අත අල්ලගෙන ඉස්සරහට යන්න ඕන...
ජීවිතේ අන්න ඒ වගේ දෙයක් ! මීට මොහොතකට කලින් උණ දේ මේ වෙද්දි හරි ගොඩක් වෙනස් වෙලා කියලා තේරෙන්න නම් අපිට පොඩි වෙලාවකට ඔළුව හරවලා අපි ආපු පාරෙ අතීතය දිහා බලන්නම වෙනවා .

කාටවත් නොකිව්වට ආපු වෙලේ ඉදන්ම ශෙවෝන්ගෙ ඔළුවෙ කැරකුණේ තේව් ගැන . මීට කාලෙකට කලින් ඒ ඇස් පේන මානෙන් පවා ශෙවෝන් ඈත් උණා . ඇයි ඒ ?

ශෙවෝන්'s pov

"ඇයියේ කියන ප්‍රශ්නෙට මට මහා ලොකු වගේම සාධාරණ හේතුවක් තිබ්බා . ඇත්තටම මං එදා පළවෙනි පාරට තේව් අයියව හම්බුණ දවසෙ ඉදන්ම මහ හුගක් එයාට කැමතී . මං හිතුවෙ කවදම හරි ඒ වගේ personality එකක් හදා ගන්න ඕනමයි කියලා . ඇත්තටම එයා හරිම කොලිටි කැරැක්ටර් එකක් "

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now