" නිර්නාමික-35 "

57 12 4
                                    

ශෙවෝන් : පිස්සුද බං ! උඹ කියනවා වගේ දෙයක් මෙතන නෑ තුහින .

තුහින : උඹ වෙනස් උණේ කෝමද ශෙවෝන් ? මං දන්නවා උඹ මට නොකියන ලොකු දෙයක් උඹේ හිතේ තියෙනවා කියලා .

ශෙවෝන් : එහෙම නෑ තුහිනයා . අනික මං උඹට නොකියන දෙයක් තිබිලා තියෙනවද මේ අවුරුදු විසි ගානටම ?

තුහින : මං දන්න තරමින් නැහැ . ඒත්....

ශෙවෝන් : හ්ම්... එහෙනම් දැනුත් ඒ දේ එහෙම්මමයි කියලා හිතපන් . මොකද මං උඹට හැම දේම කියනවා බං .

තුහින : ඒත් උඹ දැන් සති ගානක ඉදන් හරියට හිනා වෙන්නෙවත් නෑ . ඒ උණත් මොකක්දෝ හේතුවක් නිසා උඹේ මූණ අදුරු වෙලා යනවා .

ශෙවෝන් : මගෙ ? ආහ්.... වැඩත් එක්ක මහන්සි වෙන නිසා වෙන්න ඇති බං .

තුහින : යුගාන් අයියා නිසා නෙවේ නේද ශෙවෝන් ?

ශෙවෝන් : තේව් අයියා ?

තුහින : උඹ යුගාන් අයියට අකමැති ඇයි ශෙවෝන් ?

ශෙවෝන් : මං ඒකට දෙන්න උත්තරයක් දන්නෙ නෑ තුහින .

තුහින : හ්ම්.... උඹ බයද බං ?

ශෙවෝන් : කාටද තුහින .

තුහින : උඹලා දෙන්නම පිරිමි නිසා ?

ශෙවෝන් : නෑ බං . කාටවත් බය වෙන්න , ආදරේ කරන එක වරදක් නෙවේනෙ . මං බය නෑ .

තුහින : හ්ම්.... උඹ දැන් මට කියන්නෙ උඹට ප්‍රශ්නයක් නෑ කියලනම් , මං ඒක පිළිගන්නම් ශෙවෝන් . හැබැයි ඒ උඹ මට කිව්ව පළියට විතරයි කියලා උඹ ඔය ඔළුව ඇතුළෙ හොදට මතක තියා ගනිම් පුතේ හරිද ?

ශෙවෝන් : හ්ම්... දැන් ඕක අල්ලලා දාපන් . මොකද දැන් නිම්න අයියගෙ කේස් එක ?

තුහින : ඔය තියෙනවා බං . දැන් මේ පාර ගියාම තමා හරි විස්තරයක් බලා ගන්න වෙන්නෙ . ආධිලුත් ඒවි ගොඩක් දුරට !

ශෙවෝන් : නුවර ?

තුහින : ඔව් බං . නුවර .

ශෙවෝන් : අහ්... හොදයි හොදයි . ඉරිදා එනවනෙ ?

තුහින : හ්ම්... ඉරිදා එනවා !

ශෙවෝන් : ඒක නෙවෙයි බං . මං දැන් යන්න ඕන . තාත්තා එනවා කිව්වා අද ගෙදර .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now