" නිර්නාමික-16"

69 16 9
                                    

ඒ දවස් දෙකත් ඊයක වේගෙන ගෙවිලා යන කොට තුහින ඉද ගෙන ඉදියෙ වෝකින් ට්‍රැක් එක අයිනෙන් හදලා තිබ්බ බංකු පේළියේ මැද තිබ්බ එක බංකුවක . හෙට තමන් ගෙදර එනවා කියලා අම්මටත් කෝල් කරලා කිව්ව තුහින ඔළුවට දාගෙන ඉදපු බෑන්ඩ් එක ගලවලා සාක්කුවට දා ගත්තා . දාඩියට තෙත් වෙලා තිබ්බ කොණ්ඩෙ අගින් බේරුණු දාඩිය බිංදු ටිකත් පිට අත්ලෙන් පිහිදපු තුහින වතුර බෝතලෙත් අරගෙන නැගිට්ටෙ ගෙදර යන්න . උදේ ඉදන් දවස ගෙවෙන්නෙ හරිම ඒකාකාරි විදියට . වෙනසකට කියලා තිබ්බෙ ඉතින් උගන්නන සිලබස් එක විතරයි . ඔව් ඉතින් ඒකනෙ කියන්නෙ මැරෙනකන් ඉගෙන ගත්තත් ඉගෙන ගන්න තියෙන දේවල් ඒ වගෙ ලක්ශ ගුණයකටත් වඩා වැඩී කියලා .

" ගෙදර ඇවිල්ලා පැයක් විතර හොදට නා ගත්ත මම පොඩි බෑග් එකක් හදා ගත්තෙ උදේම යන්න. කලා කරලා ඔක්කොම ඉවර කරද්දි නවයහමාර විතර වෙලා තිබ්බා . උදේම යද්දි ගමන් මහන්සිය හරි අඩුයි. ඒකට දවල්..... දවල් කිව්වත් මගෙ බඩ දගලනවා . හම්මේ ඉතින් . ඒ නැතත් මට අර කෙල්ලව බලන්න ඕන ඉක්මනට ..... "

"හේ හේ.... මං දැන් බාප්පා කෙනෙක් යකුනේ... යෙනූ ප්‍රින්සස් ගෙ බාප්පා.... ආ"

ඇදේ තිබ්බ කොට්ටෙකුත් කකුල් දෙක අස්සෙ ඔබා ගෙන තුහින නිදා ගන්න ගියේ හිතේ තිබ්බ ලොකු සතුටත් එක්කම .

පහු වෙනිදා උදේ හත විතර වෙද්දිම තුහින නුවර ආවා . උදේම ආව නිසා වැඩි මහන්සියක් තිබ්බෙ නෑ . ආපු ගමන් වොශ් දාගෙන එයා ගිහින් අම්මලගෙ රූම් එකේ නිදන් ඉන්න ප්‍රින්සස් ළගින් ඇලවෙලා බලං ඉදියා . ඇලවෙලා බලං ඉදියා කෙසේවෙතත් තුහිනට ඇහැරෙද්දි දහයටත් ළගයි . ඇදේ ඉදපු යෙනුත් පේන්න ඉදියෙ නැති නිසා තුහින ඇස් දෙකත් පොඩි කර කර කිචන් එකට ගියේ අම්මව හොයා ගෙන .

තුහින : අම්මා....

අම්මා : ආ තෙදස්වර . මං උදේට පාන් ටෝස්ට් කළා . නිදාගෙන ඉදපු නිසා ඇහැරුවේ නෑ මං . ආ කන්න.... මේ බීම එකක් හැදුවා .

තුහින : හරි අම්මා.... යෙනූ කෝ ?

අම්මා : ඔන්න එයාගෙ සීයා එක්ක වත්තෙ ඉදියා .

තුහින : ම්ම්... තාත්තාත් සීයා කෙනෙක් උණා ඒනම් නේ ? ශෝක් ජොබ් එකක් හම්බෙලා වගේ .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now