" නිර්නාමික-15"

77 17 4
                                    

"මනහාරී නුරාවී
නෙතු මානේ සිනාසී
තව ලං වී
පෙමින් දම් ගොතමී...."

"ගිම්හානේ තුහීන ගේනා
ඔබෙන් මා නිවෙමී සදාකල් හිදීමී...
තරු යායේ පුරා හද මාගේ
වලාවකින් මාගේ ආලේ ලියමී...."

තුහින's pov

මං හිටියෙ ෆෝන් එකෙන් ආධිල් කිව්ව cover song එකක පොඩි ශෝට් එකක් බලන ගමන් . හිතුවට වඩා මේ දවස් දෙකට ආධිල්ගෙ යූ ටියුබ් චැනල් එකට subස් 3k කිට්ටු වෙන්න වගේ ආවා. තාම වැඩක් නම් දාලා නෑ . ඒත් එදා කොන්සට් එකෙන් පස්සෙ ටික් ටොක් එකේ නම් ආධිල්ගෙ ෆලොවර්ස්ලා ගොඩක් වැඩි උණා . ඇත්තටම ආධිල්ට තියෙන්නෙ හොද ටැලන්ට් එකක්. කොහෙද මුට කිසි උවමනාවක් නෑනෙ .

ඊයෙ හවස ගෙදර එන්න ඉදියට මොකද මේ පුංචි බෝනික්කි දකිද්දි එන්න හිත දුන්නෙම . ඒ නිසා අම්මා කිව්වා "බෑ බෑ ගගා පාරට බහින්නැතුව අද ඉදලා හෙටම පලයන් තෙදස්වර " කියලා . ඒ නිසා තමා අද උදේම මං ගෙදර ඉදන් කොළඹ එන්න පිටත් උණේ . උදේ හයට විතර ආව නිසා දහය වෙද්දිවත් කැම්පස් එකට්ස් ගියොත් ඉන්ටවල් එකෙන් පස්සෙ තියෙන ලෙක්චර් එකට හරි ඉන්න පුළුවන් නෙ කියලායි මං හිතං ඉදියෙ . කොහොම හරි යද්දි උදේම තිබ්බ ලෙක්චර් එක ඉවර වෙලයි තිබ්බෙ . කොහොමත් දෙවෙනි ලෙක්චර් එකට තව වෙලා තිබ්බ නිසා මං අපේ කැන්ටිමට ගියේ මොනා හරි බඩට දා ගන්න . මං යන කොටත් ආධිල් බත් එකක් ගිලිනවා ඌ වගේ පස් හය දෙනෙක්ට කන්න පුළුවන් .

තුහින : අඩෝ අඩෝ... කෝ මටත් දීපම්

ආධිල් ඩාම් වෙලා ඉන්න කොට ආපහු ඩූම් උණේ ඒ තුහිනයා කියලා අදුර ගත්ත නිසා .

ආධිල් : ආ කාපන් කාපන්... මං මේ උඹටත් එක්ක තමයි ගෙනාවෙ . ඒත් තාම නැති නිසා ඉතින් මං කන්න ගත්තෙ . මොකද බං සීන් එක ?

තුහින : අනේ මංදා- බං . අයියා ලොකු ප්‍රශ්නෙක වගේ බං ඉන්නෙ . අනික උඹට කිය්ස්න්න හොදම එක අයියට චූටි දුවෙකුත් ඉන්නවා මිනිහො .

ආධිල් : කැහ්-කැහ් - අම්මෝ යකෝ . මේ අපේ නිම්න අයියා තාත්තා කෙනෙකුත් වෙලාද ?

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now