" නිර්නාමික-33 "

70 13 3
                                    


නිරාශා : ඒ බං.... ඒහෙම බැලුවම ඒ දෙන්නම පව් බං . ඒත් මං බැලුවා ඒ යුගාන් කියන බෝයි ගැන කියන කොට අපේ ශෙවෝන්ගෙ මූණ අදුරු උණේ ඇයිද කියලා...

තුහින : මංදා බං.... මේ දේට මට ඉන්වෝල් වෙන්න බෑ . උන් දෙන්නම මගේ සහෝදරයො වගේ බං .

ආධිල් : යුගාන් අයියා ඇත්තටම හිත හයිය එකෙක් . අපේ ශෙවෝන්ගෙ ප්‍රශ්නෙ මොකද්ද කියලයි මට තාම හිතා ගන්න බැරි .

නිරාශා : හේතුවක් ඇති බං . ශෙවෝන්ගෙ හිත එකග වෙන්නෙ නැති ලොකු හේතුවක් වෙන්න ඕනෙ ඒ...

ආධිල් : ශෙවෝන් වෙන කෙනෙක්ට කැමතිද තුහින ?

තුහින : මං දන්නෙ නෑ ආධිල් . මේ පිස්සා මට මේ වෙනකන් එහෙම දෙයක් කියලා තියා දැනෙන්නවත් ඇරලා නෑ බං .

නිරාශා : ශෙවෝන් යුගාන් අයියට අකමැතිත් නැත්නම් , මට මෙහෙම හිතෙනවා බං .

ආධිල් : කොහොමද බං ?

නිරාශා : යුගාන් අයියට අකමැතිත් නැතිනම් , යුගාන් අයියට වඩා කැමති කෙනෙක් ඉන්නම ඕන ...

තුහින : ඊට වඩා කැමති කෙනෙක් කිව්වෙ ?

ආධිල් : උගෙ හිතත් කා ගාව හරි නතර වෙලා ඇති .

තුහින : මං ශෙවෝන් එක්ක කතා කරන්නම් එහෙනම් . ඒත් ඒක වැඩකට නැති වෙයි බං .

ආධිල් : ඒ ඇයි ?

තුහින : මං දන්නවා බං ශෙවෝන් ගැන . උගේ කටින් ඔහොම දෙයක් ගන්නවා කියන එක කළුණික හොයනවා වගේ .

නිරාශා : හ්ම්.... තුහින ! උඹ ඕක දැන් හාරවුස්සන්නැතුව ඉදපන් . මේකට හදිස්සි වෙලා බෑ . බලමු අපි ඉස්සරහට වෙන දෙයක් ....ම්ම් ?

තුහින : හ්ම්.... අපි බලමු .

ආධිල් : එහෙනම් කෙල්ලෙ . ලෙක්චර් එක ඉවර උණ ගමන්ම වරෙම් ඈ ... දැන්ම බඩගිනි වගේ....

තුහින : ඒකි එයි . උඹ වරෙන්කො - නැද්ද බං....

නිරාශා : අන්න ඒකයි බ්‍රෝ.... බායි එහෙනම්....

එදා දවසත් යුනිවසිටි ඉවර වෙලා තුහිනයි ආධිලුයි දෙන්නත් එක්ක කතා කර කර ඉදපු නිරාශා ඒ දෙන්නත් ගෙදර යන්න ගියාම නිරාශාත් ඇවිදගෙන බස් හෝල්ට් එකට ආවා . ඒ වෙද්දි දෙලාව හතර හමාරටම විතර ලං වෙලයි තිබ්බෙ . ඒත් එක්කම වගේ නිරාශා ඉන්න තැනට ආවෙ ශෙවෝන් .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now