"නිර්නාමික-2"

162 25 15
                                    

තුහින : පාඩුවේ ඉන්න දීලා මෙතනින් පලයන් ආධිල් ! උඹ මගේ යාළුවා නිසයි මං හොදින් කියන්නෙ....

එහෙම කිව්ව තුහින ආපහු හැරිලා පාරෙ අනිත් පැත්තට ගියේ ආධිල්ව මග අරින උවමනාවෙන් . තුහින යන දිහා ආධිල් බලං හිටියෙ හරිම හිස් බැල්මකින් . සති අන්තෙත් ගෙවිලා යන කොට ආධිල් වගේම තුහිනත් තම තමන්ගෙ වැඩ වලට අවදානෙ යොමු කළා . ඒත් ආධිල් ගෙ හිතේ තිබ්බ නොසන්සුන්කම එක්කම තුහිනගෙ හිතෙත් අමුතුම බයක් දිග ඇරිලා තිබ්බා...

දවස් දෙක ගෙවිලා ගියේ ඊයක වේගයෙන් . පහුවෙනිදා කැම්පස් යන්න ලෑස්ති වෙලා තුහින එළියට බහින කොට එතන හිටියෙ එයා කොහොමටවත්ම බලාපොරොත්තු නොවුන කෙනෙක් . ඒ තමයි ශෙවොන්....

ශෙවොන් කියන්නෙ තුහිනගෙ ළගම වගේම ප්‍රියතම සහෝදරයෙක් . තුනගෙ මාමගෙ පුතා තමයි ශෙවෝන් . ලේ බැදීමට වඩා ඒ දෙන්නා ළග තිබ්බ යාළුකම ගොඩක් විශ්වාසවන්ත දෙයක්....

තුහින : අඩෝ ... ලොකු මෑන් ! තෝ කවද්ද මිනිහො මෙහෙට ආවෙ... කෝ තෑගි එහෙම....

තුහින ඇහුවෙ ගැම්මට ශෙවොන්ව හග් කරගෙන .

ශෙවොන් : මං මෙහෙ බිස්නස් එකක් පටන් ගත්තා තුහිනයා....

තුහින : කොහෙද කැම්පස් යන්න අතට ආපු චාන්ස් එකටනෙ තෝ පයින් ගැහුවෙ...

ශෙවොන් : අනේ මට ඕවායේ ගාටන්න බෑ බං . මං කොහොමත් රිජෙක්ට් කරන්නනෙ ඉදියෙ...

තුහින : ඒක නෙමෙයි... උබ කොහෙද මේ යන්නෙ...

ශෙවොන් : තෝව බලන්න බල්ලො ආවේ මම... මුහ් මොන පුම්කක් කියවනවද මංදා

තුහින : අඩෝ ෆට්ට ඒනම්... යමංද වටයක් දාන්න . උඹ ගානෙ කන්න අරම් දියම් ආ... මොනා උනත් මං තාම කැම්පස් එකානෙ...

ශෙවොන් : අම්මෝ.... තෝ සල්ලි නැති එකෙක්ද මිනිහෝ... අනෙ අම්මපා මගෙ කට... ආ නැගපම් නැගපම්....

ශෙවොන්ගෙ බයික් එකට නැගපු ඩබල ටවුන් එක පැත්තට පියෑඹුවේ වටයක් දාන්න හිතා ගෙන . කැම්පස් යන්න ආව ගමන හැරිලා කාලෙකින් තමන් බලන්න ආව යාළුවා එක්ක තුහින ටිකක් විනෝද වෙන්න හිතුවත් මේ මොනවත් දැනගෙන ඉදපු නැති ආධිල් කැම්පස් එකේ ගේට් එක ළග බලං ඉදියෙ තුහින එනකන් .  කැම්පස් එක පටන් ගන්න ඔන්න මෙන්න තියලවත් ඒවි කියලා හිතුව ආධිල් අන්තිම මොහොත වෙනකන්ම බලං ඉදියෙ තුහින එනකන් . කෝල් එකක් ගත්තත් තුහින කට් කරපු නිසා ආදිල් ආපහු ආපහු ගන්න ගියේ නැත්තෙ එයාට පරක්කු වෙලා තිබ්බ නිසා . ඒ නිසාම තවත් පරක්කු නොවුන ආධිල් අකමැත්තෙන් උණත් කැම්පස් එක ඇතුළට ගියේ ලෙක්චර්ස් පටන් ගන්න ඔන්න මෙන්න තිබ්බ නිසා .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now