" නිර්නාමික-25"

68 19 6
                                    

උදේම තමන්ගෙ වැඩ ටික ඉවර කරලා දාපු ශෙවෝන් බ්ලැක් කලර් ට්‍රවුසර් එකකට ලයිට් බ්ලූ ශර්ට් එකක් දාගෙන එකොළහ විතර වෙනකොට ලෑස්ති උණේ තුහින ආධිල්ට ප්‍රපෝස් කරන්න සෙට් කරපු ලොකේශන් එකට යන්න . කාර් එකත් තුහිනට දුන්න නිසා ශෙවෝන් කැබ් එකක් දා ගත්තෙ නිරාශාවත් මගදි ගන්න ඕන නිසා .

ශෙවෝන් බලලා තිබ්බෙ බීච් සයිඩ් රෙසෝට් එකක් . ඒකෙ නම Ayana Sea Resort . වාද්දුවේ තිබ්බ නිසා මහ දුරක් තිබ්බෙ නෑ . වැඩිම උනොත් පැය එකහමාරක දෙකක විතර දුරක් විතරයි තිබ්බෙ . ඇත්තටම එතන හරි නිස්කලංක තැනක් . මිනිස්සු වැඩිය නැති තැනක් . බීච් සයිඩ් එකත් එක්ක තිබ්බ නිසා එතන තිබ්බෙ වෙනමම විදියෙ වයිබ් එකක් . තුහින ප්‍රපෝස් කරන්න හිතාගෙන හිටියෙ හවස . මොකද එතන තියෙන වයිබ් එකත් එක්ක සන්සෙට් එක සෙට් උණාම දැනෙන දේ කියන්න තරම් පුළුවන් දෙයක් නෙවෙයි . ඒ තරම්ම එතන හරි ලස්සන තැනක් .නිරාශා වගේම ශෙවෝනුත් එක විතර වෙන කොට රෙසෝට් එකට ආවා .

නිරාශා : අපි කෙලින්ම මේ බඩු ටික රූම් එකෙන් තියලා මෙතන දෙන්නෙක්ව අඩගහ ගමු නේද ශෙවෝන් ...

ශෙවෝන් : ම්ම් ඔව් බං . අපි කියමු කපල් ටේබල් එකක් රෙඩි කරලා ඕන කියලා .

නිරාශා : ඩිනර් එකටනෙ ඒක ? එයාලා ඒක රෙඩි කරනකන් අපි ප්‍රපෝස් කරන්න රෙඩි කර ගත්ත තැන බලමුද ?

ශෙවෝන් එක්ක බඩු ටික රූම් එකෙන් තිබ්බ නිරාශා එහෙම කිව්වෙ බීච් එකත් එක්ක තිබ්බ ගාර්ඩ්න් එක දිහාට ඇවිදගෙන යන ගමන් .

නිරාශා : අඩෝ.... ශෙවෝන් . අපේ බූතයා රිංග් එක ගත්තද අහපන් . ඕක දාලා ආවොත් මොන රෙද්දද අර වසවත්ති මාරයගෙ ඇගිල්ලට දාන්නෙ ?

ශෙවෝන් : ආ.... උඹ බය නොවී ඉදපන් . ඌ එන්න කලින් මං
කෝල් කරලම කිව්වා .

නිරාශා : අම්බෝ.... ඒනම් කමක් නෑ . බලාම් ඉතින් මට මතක් උණේ දැන්නෙ .

ශෙවෝන් : ඒකනෙ යෝ කියන්නෙ අපි වගේ යාළුවෝ ලබන්න පිං කරන්න ඕන කියලා .

නිරාශා : ඒක තමයි . මං පිං කරලා වැඩී මගෙ හිතේ . ඒකයි එකක් මදිවට තුනක්ම සෙට් උණේ .

ශෙවෝන් : අනේ මෙන්න මෙහෙ වරෙම් . පගර නැම්ටි...

නිරාශා : කවුද මිනිහො පගර මොකා ? ආඅ.... කාපම් මාව .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now