" නිර්නාමික-38 "

51 14 4
                                    

තුහින : ආධිල් ! May I come in....

ආධිල් : අහ් එන්න....

පහු වෙනිදා උදේ නිදි මරගාතෙ ඉදන් වගේ ආධිල් එහෙම කිව්ව නිසා තුහින දොරත් ඇරගෙන ආධිල් ඉදපු රූම් එකට ගියේ ආධිල්ගෙ තේ එකත් අරගෙනමයි .

තුහින : ගුඩ්මෝනින් . මොකෝ... දැන් නිදා ගත්තා මදිද ? නැගිටිනවා ආධිල් . අහ් මෙන්න මේක බීලා ඉන්න.

තවමත් ශීට් එක ඔළුවෙ ඉදන් පොරවන් ඉදපු ආධිල්ගෙ පස්සට පයින් එකක් දීපු තුහින තේ එක ගිහින් බෙඩ් ටේබල් එක උඩින් තිබ්බෙ ආධිලුත් ඔළුවත් කස කස නැගිටලා ඇද උඩම වාඩි වෙන කොට .

ආධිල් : ගුඩ් මොර්නිම් ඒයි . අහ්... උබ කොහෙ යන්නද මේ ලෑස්ති වෙලා ඉන්නෙ ?

තනි ඇහැක් බාගෙට ඇරලා ආධිල් ඇහුවෙ හොද ඈණුමකුත් යවන ගමන් .

තුහින : කෝට් එකට ! මං ඊයෙ කිව්වෙ . තේ එක නිවෙන්න කලින් බීලා ඉන්න .

ආධිල් : අහ්.... අමතක උණානෙ . ඉන්න මං විනාඩියෙන් ලෑස්ති-

තුහින : උඹ එන්න ඕන නෑ ආධිල් . මං යනවනෙ . ම්ම්... මං ඒක බලාගන්නම්........

ආධිල් : ඒත් තුහින ඒක-

තුහින : ඒක ප්‍රශ්නයක් නෑ . උඹ නිදහසේ ගෙදරට වෙලා ඉදපන් . අහ්.... මං කෑවා . දැන් යන්න වෙනවා නවය වෙද්දි කෝට් එකේ ඉන්න ඕන නිසා . බ්‍රෙක්ෆස්ට් එක මේසෙට තියලා තියෙන්නෙ . ෆ්‍රිජ් එකෙන් ඕන දෙයක් අරං කන්න . එහෙනම්.... පරිස්සමින් ඉදපන් .

ආධිල් : හ්ම්... බායි.

තුහින : බායි . සමහරවිට ආල්‍යා ඒවි . පොඩ්ඩක් බලන්න .

ආධිල් : හරී.... එතකොට පොඩි එකී ?

තුහින් : එයාව ගෙනියන්න වෙනවා ආධිල් .

ආධිල් : හ්ම්...

ආධිල්ගෙ උරිස්සටත් පුංචි තට්ටුවක් දාපු තුහින එතනින් යන්න ගියේ පහල අම්මලා එයා එනකන් බලං ඉදපු නිසා . ඒ වෙද්දිත් වෙලාව අට හමාරට කිට්ටු කරලයි තිබ්බෙ . හදපු තේ එකත් අතට අරගෙන ආධිලුත් පහලට එන්න ආවා . තුහිනලා යන සද්දෙ ඇහුන නිසා එයා ආයෙම මගට එන්නත් උවමනා කළේ නැත්තෙ එයා තාම දත් වත් මැදලා ඉදපු නැති නිසා . හිමීට තේ එක බීලා වොශ් එකකුත් දාගෙන තුහිනලගෙ අම්මා හදලා තිබ්බ බ්‍රෙක්ෆස්ට් එකත් අරගෙන එතනත් අස් පස් කරලා දාලා ෆෝන් එකත් අරගෙන ගාර්ඩ්න් එක දිහාට ආවා .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now