" නිර්නාමික-39 "

41 9 6
                                    




ආධිල් : ආ මේ ශෙවෝන් මොනාද මේ නටන නාඩගම් . අනික බං ම-

නිරාශා : හා හා ඔය කතාව නවත්තහං දැන් . අන්න තුහිනයා එනවා .

පහුවෙනිදා උදේ පාන්දර ආධිල්ගෙයි නිරාශගෙයි කතා බහට මුල් උණේ ශෙවෝන්. ඒත් තුහින එනවා දැක්ක නිසා කතාව මගින් නතර කරලා දාන්න උණේ මේ දේ තුහින තාම නොදන්න නිසා .

තුහින : ගුස් මෝනින් . කොහොමද නිරාශා ?

නිරාශා : ඉන්නවා බං . මොකෝ නඩුවෙ විස්තර එහෙම ?

තුහින : ඖලක් නෑ බං.... රුවීශා දරුවව නඩුවට ගාවගයිදෝ කියලත් මට හිතෙනවා . හැබැයි ඉතින් දැන් ඔක්කොම සෙට්ල් වෙලා තියෙන්නෙ . හෙට මං හිතන්නෙ සයින් කරන කතාවක් කිව්වා දෙන්නටම එන්න කියලා .

ආධිල් : හෙටින් පස්සෙ ඒ කරදරෙත් ඉවර වෙයි කියලා හිතමු .

නිරාශා : හ්ම්.... ඒක නම් හොදයි . ඒක නෙවෙයි මේ තුහින ! අර ශෙවෝන්ගෙ තේව් අයියට ශෙවෝන් අකමැති ඇයි ?

තුහින : මං දන්නෙ නෑ නිරාශා . ඌ ඉස්සර තේව් අයියට පණ දෙන්න ඉදියෙ . මට මතකයිනෙ....

ආධිල් : ඒ කියන්නෙ ඒ දෙන්නා බ්‍රේක් අප් උණාද ඒයි ?

තුහින : නැහැ.... I mean , Yugan was Shevon's biggest motivation and the character he followed....

නිරාශා : ඒත් දැන් එහෙම නොවෙන්නෙ ඇයි ?

තුහින : දවසක් යුගාන් අයියා උගෙන් ආස්ක් අවුට් කළා . එතන මමයි යුගාන් අයියගෙ යාළුවා සිහින අයියත් ඉදියා . මූ පුදුම විදියට එදා තරහ ගත්තෙ . මං මේ වෙනකන් දැක්කෙ නෑ අපේ එකාට එහෙම තරහ යනවා .

නිරාශා : මංදා බං මෙව්වා හරි අමුතු සිදුවීම් වගේ...

තුහින : ඒත් මං හිතුවා මමයි සිහින අයියයිත් ඉදපු නිසා අපේ එකාට ලැජ්ජ හිතිලා කෑ ගැහුවා කියලා . පස්සෙ මං උට නොයෙකුත් විදියට තේරුම් කරන්න හැදුවත් ඒ හැම සැරේම මාත් බැනුම් අහලයි නැවතුණේ . මං කාව තෝර ගන්නද , කාට උදව් කරන්නද කියලවත් හිතා ගන්න බැරිව ඉදියෙ . පස්සෙ ආරංචි උණා යුගාන් අයියා කොළඹ ගිහින් කියලා . ඩිග්‍රි එකට .

ආධිල් : ඇත්තටම මේක මේ විදියට විසදන්න අපිට බෑ . ඒකට ඒ දෙන්නමයි මුල් වෙලා කතා කරන්නෝන.... නැත්නම් තව විදියක් තියෙනවා . තුහින ?

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now