"නිර්නාමික-5"

101 23 8
                                    

තුහින : ආධිල් ! ආධිල් උඹ ඉන්නවද ?

ආධිල් : මං මෙහෙ බං

තුහින : අහ් උබ ලෑස්තී නේද ? දොළොස්වෙනි අයිටම් එක උඹේ...

ආධිල් : හරි තුහිනයා . මං ලෑස්තින්වෙලා ඉවරයි දැනටමත් .

තුහින : මොකද උඹේ මූණ හොද නැත්තෙ ? මොනා හරි ප්‍රශ්නයක් ද ආධිල් ?

ආධිල් : ආ... නෑ බං ඇයි උඹ එහෙම ඇහුවෙ ?

තුහින : දන්නෑ ... මට එහෙම හිතුනා බං . Anyway උඹ ලෑස්ති නම් එච්චරයි . වැඩේ හොදට කරන්න ඕන ආධිල් . Fighting...

ආධිල් : හරි බං... Fighting .

ආධිල්ගෙ පිටට අත පුරෝලා හෙණ ගහනවා වගේ එකක් ගහලා තුහින ෆයිල් එකකුත් උස්සගෙන එතනින් යන්න ගියා .
ආධිල් ඇදලා හිටියෙ කලු ෆුල් සූට් එකක් . මොකද එයා perform කරන්න ඉන්න නිසා තුහින කිව්වෙ ටිකක් ඩීසන් කැපිලා පේන විදියට ඇදපන් කියලා . තුහින ඉදියෙ සුදු පාට ලිනන් ශර්ට් එකකට සුදු පාටම ටවුසර් එකක් ඇදලා .

ආධිල්ට කැපිලා පේන්න අදින්න කිව්වා උණාට ඊට වඩා තුහින කැපී පෙනුනෙ එයාගෙ ලා රන්වන් කහ පාට හමයි ඒ සුදුපාට Colour combination එකයි දෙකම එකට එකක් හොදටම මැච් වුණ නිසා . තුහින කොහොමත් හැම තැනම හරි ඩීසන් විදියට උන්න කෙනෙක් . ආධිලුත් එහෙමයි .

"ඒත් තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදියා . "

ඈත යන තුහින දිහා බලන් ඉදලා ලොකු හුස්මක් පහළ දාපු ආධිල් ෆෝන් එක අරගෙන ඩයල් කළේ අශ්වින් ගෙ නම්බර් එකට .
ඒත් ඒකෙන් කිසිම වැඩක් උණේ නෑ . දැනටමත් අශ්වින් ඇත්‍තෙ ක්ලබ් එකේ ඩ්‍රින්ක්ස් වලට යට වෙලා වෙන්න ඇති . ෆෝන් එකත් තමන්ගෙ සාක්කුවට දා ගත්ත ආධිල් ස්ටේජ් එක පැත්තකින් පොඩ්ඩක් එහාට ගිහින් බලං ඉදියෙ එතනට ඇවිල්ලා හිටපු ලොකු ඕඩියන්ස් එක දිහා .එතන මිනිස්සු ගනින්න බැරි තරම් ඉදියා . මුළු කැම්පස් එකේම අතුරු සිදුරු නැතිව සෙනග පිරිලා හිටියා . ආධිල්ට බයක් නොහිතුනාමත් නෙවෙයි . ඒත් එයාට ඒක පුරුදුයි .මොකද ගිය අවුරුද්දෙත් එයා මේ විදියටම perform කරළා තිබ්බ නිසා.

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now