" නිර්නාමික-29 "

50 16 7
                                    

අදට දවස් තුනක් උණා ආධිල් කළුතර ගිහින් . තුහිනට ආධිල් එක්ක යන්න බැරි උණත් පුළුවන් හැම වෙලේම තුහින දුරින් ඉදන් හරි ආධිල්ට හයියක් වෙන්න මහන්සි උණා . නිරාශා ශෙවෝන් පවා ආධිල්ට වචනෙකින් හරි හයියක් වෙන්න ට්‍රයි කළා . ටෙස්ට් ටික කරලා ආව රිසාල්ට් එක නම් අවුලක් නෑ කිව්වා.  හැබැයි ආපහුම හාට් ඇටෑක් එකක් ආවොත් තත්වෙ සීරියස් වෙන්න පුළුවන් කියලයි ඩොක්ටර්ස්ලා කිව්වෙ . මොනා උණත් හෙට සෙනසුරාදා නිසා උදේම තුහින නිරාශා වගේම ශෙවෝනුත් ඉදියෙ කළුතර ගිහින් ආන්ටිව බලලා එන්න . අද හවස ඩිස්චාජ් කරපු නිසා ආන්ටිව ගෙදර ගෙනල්ලයි ඉදියෙ . ඉතින් කතා කර ගත්ත විදියටම පහුවෙනිදා හයට විතර තුහින නිරාශා වගේම ශෙවෝනුත් පිටත් උණේ කළුතර යන්න . මහ වෙලාවක් ගියේ නෑ . හයිවේ දාපු නිසා . හත ට දහයක් විතර තියෙද්දි එයාලා ගෙදරටත් ගොඩ උණා .

ආධිල් : ඔයාලා ආවත් එක්කද ? එනවා කිව්වට මං හිතුවෙ දවල් වෙයි කියලා . ගෙට යමු....

තුහින : කොහොමද ආධිල් දැන් අම්මට ?

ආධිල් : දැන් නම් ටිකක් අඩුයි තුහින . මමත් හෙට වගේ කොළඹ යන්න හිටියෙ . නංගි ඉන්නවනෙ ගෙදර වැඩ ටික ශේප් එකේ කර ගන්න .

තුහින : ශනෙලිට පුළුවන්ද බං ?

ආධිල් : නෑ බං . අම්මා උදේ නැගිටලා තමන්ගෙ වැඩ කර ගන්නවනෙ . ශනූ කොහොමත් කන්න ඔය මොනා හරි දෙයක් හදනවා . එතකොට අම්මට රෙස්ට් එකේ ඉන්න පුළුවන් . මට හිටියත් මහ වැඩක් නෑ .

තුහින : ම්ම්.... අද ඉදලා හෙට එන්න එහෙනම් පරිස්සමට . ම්ම්.... ඇතුළට යමු.  

ශෙවෝන් නිරාශා ඒ වෙද්දිත් ගිහින් ආධිල්ගෙ අම්මත් එක්ක කතා කර කරයි ඉදියෙ . තුහින දොරෙන් ඇතුළට යනවත් එක්කම ආධිල්ගෙ අම්මගෙ මූණ ලොකු හිනාවකින් පිරිලා ගියා .

තුහින : කොහොමද ආන්ටි . දැන් ඇගට අමාරුවක් නෑ නේද ?

අම්මා : අනේ නෑ පුතා . බලන්නකො කොල්ලා උස් මහත් වෙලා තියෙන තරම් . අවුරුදු තුනකින් විතර දැක්කෙත් නෑනෙ .

තුහින : ඒකනෙ නේද ආන්ටි . ඉස්කොලෙ ඉවර උණත් හරි දැක්කෙම නෑ ...

අම්මා : කියලා වැඩක් නෑ . මේ වැඩ අස්සෙ නිකමටවත් කොළඹ එන්න බැරි උණා මට .

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now