"නිර්නාමික-10"

89 19 3
                                    

ආධිල් : කවුද බං ආල්‍යා කියන්නෙ ? හොද කෙනෙක් වගේ පේන්නෙ .

තුහින : ම්ම්... අපේ අයියට පණ දෙන්න ඉදපු කෙල්ල බං ඒ

ආධිල් : වට් ? නිම්න අයියා යාළු වෙලා ඉදපු කෙල්ලද ඒ ආව කෙනාද බං...

තුහින : ම්ම්... ඔව් . යශ්මි ආල්‍යා අධිකාරි . මමත් දන්නවා පොඩි කාලෙ ඉදන් . සාමාන්‍ය පවුලක කෙල්ලෙක් .

ආධිල් : උඹලගෙ අයියා වැරදී බං එක අතකින් . මාත් එක්කත් හොදට හිනා වෙලා කතා කළා ඒ කෙල්ල .

තුහින : ම්ම්... එයා එහෙම තමයි . එයා ජීවිතේ එයා හදා ගනී ආධිල් . මේ මාසෙ අග ඉදන් පේරාදෙණියෙ කැම්පස් යනවලු.

ආධිල් : ඒක හොදයි . කවුරු උණත් කමක් නෑ හොදින් ඉන්නවනම්...

තුහින : ඒක නම් ඇත්ත බං .

ආධිල් : ම්ම්.... ඒක නෙවෙයි මට කියන්න අමතක උණානෙ . අපේ අම්මා ගත්තා දවල් . තාත්තා නම් තරහෙන් ලු දවසම . වැඩි වෙලාවක් කතා කරන්න බැරි උණා .

තුහින : ම්ම්.... දවල් තාත්තා ඉන්න නැතුව ඇති .  ඒකයි අම්මා ගන්න ඇත්තෙ .

ආධිල් : දන්නවද බං උඹලගෙ තාත්තා කට පුරෝලා "පුතේ" කියන කොට මට හරි ආසයි බං . අපේ අම්මා කිව්වට තාත්තා කවදාවත් එහෙම කියලා නැතුව ඇති .

තුහින : එහෙමද ....... ආ ඒක නෙවෙයි ! උඹේ ගිටාර් එක අරං වරෙන් . මේ කම්මැලි කම යන්නත් එක්ක සිංදුවක් කියමු .

තුහිනට හා කියන්න ඔළුව වනපු ආධිල් ගේ ඇතුළට ගිහින් ටික වෙලාවකට පස්සෙ ගිටාර් එකත් උස්සගෙන එළියෙ බංකුව ගාවට ආවා .

ආධිල් : මොකද්ද කියන්නේ ?

තුහින : උබ කියපන් . මං අහං ඉන්නම් .

ආධිල් : නෑ නෑ අපි දෙන්නම දන්න එකක් කියමු .

තුහින : උබ පටං ගනින් එකක් . මං කියන්නම්....

ආධිල් : " දෙනුවන් පුරා " 1 2 3 හරි...

තුහින   :. "දහසින් සැදි පෙම් සිතිවිලි
               ළමැදේ ඔබේ අතුරන්නෙමි"
ආධිල්. :.  "යුග ගී රැදි සුළගක් ලෙසින්
                සවනේ ඔබේ රැව් දෙන්නෙමි"

තුහින  :. "දෙනුවන් පුරා නුඹ විද ගන්නෙමි
                හදවතින්ම මා පිළි ගත් ළබැදී
                සිහිනෙන් පවා ඔබ අමතන්නෙමි
                ජීවිතේදී මා පැතු සුපෙම්වතී..."

NIRNAMIKA | සිංහල | (Anonymous)Tahanan ng mga kuwento. Tumuklas ngayon