" නිර්නාමික-30 "

69 13 5
                                    

ආධිල් : හ්ම්... බැරිද හෙට උදේම යන්න ?

තුහින : නිරාශා කෙන්නෙක්නෙ ආධිල් ! අපිට එයා ගැනත් හිතන්න වෙනවා .

නිරාශා : නෑ තුහින . මං අයියට කියන්නම් . අනික අම්මත් එහෙම ප්‍රශ්න දාන්නෙ නෑ . ආධිල් කිව්වා වගේ හෙට උදේ ගියොත් ආධිල්ටත් අපිත් එක්ක එන්න පුළුවන් නෙ...

ශෙවෝන් : ඒකත් ඇත්ත . හරි එහෙනම්... නිරාශා මුළින්ම ගෙදරින් අහලා ඉන්නකො .

නිරාශා : හ්ම්... විනාඩියක් දියම් .

එහෙම කිව්ව නිරාශා ෆෝන් එකත් අරං ටිකක් එහාට ගියේ එයාගෙ අයියට කෝල් එකක් ගන්න ගමන් . ඒ වෙද්දිත් වෙලාව හවස පහමාරට විතර කිට්ටු කරලා තිබ්බෙ . හිතාගෙන ආව විදියට නම් තුහිනලා හිතං ඉදියෙ හතට විතර කොළඹ යන්න පිටත් වෙන්න . ඒත් ආධිල්ගෙ අම්මා නංගි වගේම ආධිල්ගෙත් බල කිරිල්ල නිසාම එයාලට හිතා ගන්න බැරි උණේ අද යනවද නැත්නම් ඉන්නවද කියලා . මොනා වුණත් නිරාශා කියන්නෙ කෙල්ලෙක් නිසා එයාගෙ ගෙදර අයගෙ තීරණේකට ඉඩ දෙන්න තුහින ශෙවෝන් වගේම ආධිලුත් හිතා ගත්තා .

නිරාශා : ම්ම්... ඉදලා යමු . අවුලක් නෑ !

ආධිල් : අන්න දැක්කනෙ . හා හා දැන් උඹලා එක එකා පේළියට ගිහින් වොශ් දාගෙන වරෙන් .

ශෙවෝන් : ම්ම්... මං යන්නම් මුළින්ම .

තුහින : ඊළගට මං .

නිරාශා : හරි හරි . කෝමත් මට නෙ දැන් අන්තිමට යන්න වෙන්නෙ . දැන් බකන්නිලන් ඉන්නැතුව පලයන්කෝ....

තුහින : මට කෑ ගහන්නෙ ඇයි යකෝ.... ශෙවෝන් නෙ එක

නිරාශා : ශෙවෝඕඕඕඕඔ....න් !

ශෙවෝන් : යනවා යනවා යකෝ . ඔය වක්කඩ වහ ගනිම් . තොට යකෙක් ගැහුවොත් ඒම තව මාසෙකටවත් ගමේ යන්න වෙන්නෙ නෑ.

එහෙම කිව්ව ශෙවෝන් දුවලා ගියේ නිරාශා බිම තිබ්බ ගලක් අරං ශෙවෝන්ගෙ පැත්තට විසි කරන කොට .

තුහින : නිරාසා නිකං බාහුභලීගෙ නංගි වගේ .

නිරාශා : ම්ම්.. ඔව් ඔව් මං බාහුභලී ගෙ නංගි නිරාසාභලී.

ආධිල් : නිරාශා කෙසේවෙතත් මහ ලොකු භලි යක් තමයි උඹ . ඔය කට තමා අවුල...

NIRNAMIKA | සිංහල | (Anonymous)Where stories live. Discover now