කුණාටුව ඉවර වෙලා සැනසිලිදායක හුළගක් හැමුවා....
මෙච්චර වෙලා කිසිම රිද්මයක් නැතුව ගැහුන හදවතට පුංචි නිදහසක් දීලා මෙවාන් අයියා යන්න යද්දි මාව පහු කරගෙන ක්ලාස් එකේ ළමයි එහේ මෙහේ යන්න ගත්තා...ළමයින්ගෙ ඝෝසාවයි වාහන හෝන් සද්දෙයි එක්ක මන් පියවි සිහියට ආවා. මන් හිතන්නෙ ඉන්ටවල් එකට ක්ලාස් ඉවර කරලා...හරි සිහියට ආව තප්පරේම මන් වෙලාව බැලුවා...එකයි තිස් පහයි...
දෙයියනේ! අභී අයියා මම එනකන් බලන් ඇති...එහෙම්ම මම යන්න හැරුණා....ඒත්,,
අනික් පැත්ත හැරුණ මාව එහෙම්ම හැප්පුනේ කලුගල් පර්වතයක් වගේ ඇගක...එයාගෙ පපුවෙම මූණ ඇන ගත්ත මම ඔලුව උස්සලා බැලුවේ නලල අතගගා...
"අ..අ...අභී අයියේ..!"
දැන් ටිකකට කලින් ක්ලාස් එකේ ඉන්නෙ කියපු අයියා ඉන්ටවල් දීලා ඊළග තප්පරේ මගේ පිටිපස්සෙ හිටගෙන ඉදලා කියලා තේරුණාම මන් ගල් ගැහුනා වගේ උනා...මට වචන පවා පැටලුනා...මෙවාන් අයියා එකපාරම යන්න ගිය හේතුව මගෙ ඇස් ඉස්සරහම පේන්න තියෙද්දි මගෙ දිහා බලාගෙන ගිනිගන්න ඒ ඇස් දිහා මම ලොකු උන ඇස් වලින් බලන් හිටියා උනත් ඊලග මොහොතෙ මාත් පෙන්නුවේ තරහක්.....හ්ම්ප්....උදේ මට බැනලා මෙතන.....එයා මන් එක්ක තරහ වෙයිද කියලා හිතුණත් මම නෙමෙයි එයා එක්ක හිනා උනේ...
වෙනදට මන් ඉස්සරහ ලස්සනට දිලිසෙන ඒ ඇස් වල කුතුහලය...කේන්තිය...බය...පිරිලා තිබුණා...දැන් ඩිංගකට කලින් මන් එක්ක කතා කරපු ආක්ෂ අයියා නෙමෙයි ඒ හිටියෙ වෙනකොට එයාගෙ ඇස් වල බැල්ම දරාගන්න බැරි උන මම කලබලෙන් බිම බලාගත්තා...
"ඌ මොකද කිව්වෙ සුදු බෝලේ....?"
ආක්ෂ අයියා මාව අතින් ඇදගෙන ක්ලාස් එකේ ළමයි අඩු හරියකට ඇවිත් මගෙන් ඇහුවේ පුදුම කලබලේකින්...දැන් ටිකකට කලින් හිටපු තරහ පෙනුම නැති කරගෙන එයා හරිම නිවුණු හඩකින් මගෙන් එහෙම අහද්දි ඇත්තමයි මගෙ බයත් යන්තම් අඩු වෙලා ගියා.
"උඹ කතා කරලා වරෙන්...මන් අරහෙන් ඉන්නම්" විශාක අයියා අභී අයියගෙ පිටට තට්ටුවක් දාලා අරහෙන් ඉන්නම් කියලා යන්න ගියා...
YOU ARE READING
සංසාර සිහින | TK | Nonfiction | Ongoing
Non-Fiction| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි දවස.... නුඹ දුටුව ඒ මුල්ම දින...❞ ~ Aksha' diary - නොමැකෙන්න හදවතේ ඔය රුවම ඇඳග...