තිස්වෙනි සිහිනය 💭

224 32 52
                                    

"හැඩූදා කදුලයි දකින්නේ...
සිනහවේ සරදම්...
වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්............"

ස්කෝලෙ ඉස්සරහම මේ ඇහෙන ගීත රාවය කාගෙද කියලද බැලුවේ...මගෙ අතිජාත මිත්‍ර පරාණෙ...ස්කෝලෙ ඉවර වෙලා මොකුන්ද රෑන වගේ ඉස්සෙල්ලම ස්කෝලෙන් එළියට පනින්නෙ ඒලෙවල් ආර්ට්ස් සෙට් එක...එකයි තිහ පැන්න ගමන් අපි එළියෙ...විශාකයා නම් පාර පැනලා ස්කෝලේ ඉස්සරහ තාප්පෙට හේත්තුවක් දාගෙනමයි හිටියෙ...

සින්දුවකුත් මුමුණන ගමන් පැත්තකට වෙලා පාර දිහා බලාගෙන ඉදපු විශාකයා මෙච්චර වෙලා මුමුණ මුමුණ හිටපු සින්දුව හිමිහිට කියාගෙන ආවත් මොකද මට ඇහෙන්නමද මන්දා අභිමන් කියලා උච්ච ස්වරයෙන් කියන ගමන් ඉණට අත් දෙකත් ගහගෙන එහෙට මෙහෙට ඇවිද්දා... මුගෙත් මල කෝළං වෙලාවකට... වෙලාවට මෙතන වෙන මොකෙක්වත් හිටියෙ නැත්තෙ. මට ඉතින් ඕවා පුරුදු නිසා හොඳයි... නැත්නම් මුගෙ අදෝනාව අහන් ඉදලා අනික් උන් මෙතනම කලන්තෙ දානවා... උන් ඉස්පිරිතාලෙ අරන් යන්න වෙන්නෙත් ඊළගට මට....

"ඕක නවත්තපන්කො.."

පත බූටක් කාලා වගේ වියෝ ගීත ගායනා කරන විශාකට කටවහගන්න කියපු මන් අත් ඔරලෝසුවෙන් වෙලාව බැලුවා....වෙලාව 1.38 යි. ඉස්කෝලේ ඇරිලා ළමයි කඩි රෑනක් වගේ සීසීකඩ විසිරිලා යන අස්සේ ගිනිගහන අව් කාෂ්ටකේ කුඩයක්වත් නැතුව අපි පාර අයිනට වෙලා බලාගෙන හිටියා...අද සිහිනත් ඉස් ඉස්සෙල්ලම ක්ලාස් එන නිසා කොල්ලා එක්ක අපි දෙන්නත් යන්න තමයි බලන් හිටියේ...අපිටත් ක්ලාස් තියෙන්නෙ එහේමනෙ. අනික වගකීම් හරියට ඉෂ්ට කරන්න එපැයි...නැන්දා මට කොල්ලව භාර දුන්නෙ මලක් වගේ බලාගන්නනෙ. ඒ නැතත් නොකිව්වට ඒ මගෙ පණ...

"ඒ මොකටද??"

"මගෙ නම නොකියා වෙන එකක් කියපන්"

අව්වේ සැර...ඇස් දෙකත් උණ්ඩි කරගෙන ඌ දිහා බලලා මගෙ නම කියන්නෙපා කිව්වම ඌ පුදුමෙන් කට ඇරගත්තා...දැන් ඉතින් මොකක්මහරි කඩප්පුලි කතාවක් කියයි. මන් ඉතින් මෙතන විශාකගෙ පලු ඇරියට උගෙ ගායන කුසලතාව යම් තරමක් හොඳයි. ඒත් ඕවා කියන්න පුලුවන් දේවල් නෙමෙයි.

"හරි වැඩක්නෙ. උඹේ නමේ විතරය අභිමන් තියෙන්නෙ."

කට කොනේ හිනාවක් ඇදගෙන මගේ නමේ විතරද අභිමන් තියෙන්නෙ අහපු මූ ඇවිල්ලා මගෙ උරහිසට ගැහුවා ජැක් එකක්...මුට නම් හිනා...

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now