විසි තුන්වන සිහිනය 💭

245 35 53
                                    

අහඹුවක් සේ දැනුනත් මේ ප්‍රේමණීය මුණ ගැසීම්
පුරුද්දක් වේ මේ දිගු සංසාරයේ....


.

.

ගෙදර ඇවිල්ලා සතියකුත් හරි ඉක්මන්ට ගෙවිලා ගියා...නිවාඩුවත් දවසින් දවස ඉවර වීගෙන යද්දි අලුත් අවුරුද්ද දවසත් උදා උනා...අවුරුද්දට කලින් දවස වෙද්දි හැමෝම එකතු වෙලා කැවිලි ජාති තුන හතරක් හදලා ගෙදරට ඕන අලුත් වළන් එහෙමත් ගෙනත් ගෙදර පිරිසිදු කරන වැඩ ටිකත් ඔක්කොම කලින්ම ඉවර කරගත්තා...අද උදේ පාන්දරම පුණ්‍ය කාලයට කලින් කාලා බීලා අම්මලා ගමේ පන්සලට යන්න තමයි ලේස්ති වෙලා හිටියේ...

"අයියේ මගේ තුවාය කෝ?...මන් ඇදුම් රැක් එකේනෙ දාලා තිබ්බේ"

"අන්න අම්මා එළියට ගිහින් දැම්මා"

"ඒක හොඳට වේලිලානේ තිබුණෙ. ආයෙ මොකටද ගිහින් දැම්මෙ"

"ඒක අම්මගෙන්ම අහන්න චූටි"

සුදු ෂර්ට් එකේ බොත්තම් දාන ගමන් අයියා එහෙම කියද්දි අතට ගත්ත ඇදුම් දෙකත් ඇදට දාලා මන් එළියට දුවලා ගිහින් ඉස්සරහම වැලේ වනලා තිබුණ තුවායත් අරන් බාත් රූම් එකට රිංග ගත්තෙ දැන් අම්මා ආවොත් මන් හොඳටම පරක්කුයි කියලා කෑ ගහන බව හොදාකාරවම දන්න නිසා....

මූණ කට හෝදලා සුදු ඇදුමක් දා ගත්ත මන් කණ්ණාඩි මේසේ ගාවට ආවේ ඔඩිකොලෝන් ටිකක් දාගන්න...."සිහින ලග ඕවා නැතුවත් සුවදයි..." කොලෝන් සුවද නාස් පුඩු වලින් ගිහින් ඔලුව පුරාම යද්දි මට ඒ වචන මතක් උනා...

"කැමති කෙනෙක් ඉන්නවනේ කොහොමත්...!?"

"මන් කැමති ඔයා මට 'අභී අයියා' කියනවට..."

අභී අයියා....

ඇයි එයාම....?
මොකක්ද මේ හුරුපුරුද්ද??

කණ්ණාඩිය දිහාම බලාගෙන මන් එහෙම හිතුවා...තවමත් මන් ඕඩිකොලෝන් බෝතලේ අතේ තියාගෙන කල්පනාවෙ කියලා මට ගානක් උනේ නෑ....සයිලන්ට් දාලා තිබුණ මගේ ෆෝන් එක දෙතුන් පාර රින්ස් යද්දිත් මන් කල්පනාවෙ ගැඹුරටම ගිලිලා හිටියා...

කණ්ණාඩි මේසේ උඩ තියලා තිබුණ ෆෝන් එක අතට ගත්ත අයියා කෝල් අයිඩී එක බලන ගමන් හීනියට මගෙ කනෙන් අල්ලලා ෆෝන් එක මට පෙන්නුවා...මතක් කරා විතරයි. මෙයාට ආයුෂ වැඩිද කොහෙද.. කෝල් එක අභී අයියාගෙන්... අයියගෙ අතේ තියෙන ෆෝන් එක දිහා බලන් මගෙ ඇස් දෙක ලොකු උනේ තවමත් රින්ස් යන කෝල් එක අයියා ආන්ස්වර් කරයිද කියලා හිතලා...

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now