"නුඹ නැති තැන,... හදේ ගැඹුරටම
දැනේ තනිකම".
ජනෙල් දොරවල් ඇරෙන සැනින් මෙතෙක් වෙලා ඇතුළට එන්න පොරකමින් උන්න ලා හිරු කිරණ කාමරයට ගලාගෙන එද්දි ඇදේ වකුටු වෙලා නිදා උන්න පුංචි කොල්ලා ලගට ආපු මල්ලිකා සිහිනව කූද්දපු නිසා, යන්තම් අත පය ගසලා ඇදේ එහෙ මෙහෙ පෙරලුනේ වටපිටාවෙන් ඇහෙන කුරුල්ලන්ගේ කිචි බිචි සද්දත්, දැන් උදේ වෙලා කියලා ඒ හිතට අගවද්දි...
"නැගිටින්න ළමයො උදේ වෙලා"
නිදිමත බේරෙමින් තිබුණ ඒ මූණ දිහා බලන් ඉදපු මල්ලිකා කොල්ලව උස්සලා වඩාගෙන පිළිකන්නට ආවේ මූණ සෝදවන්න හිතාගෙන. සිහිනව බිමින් තියලා සිහින ඇදගෙන හිටපු කමිසෙ ගලවලා දාද්දි අත් දෙකෙන්ම ඇග බදාගත්තේ දැනුන සීතලට. අවුරුද්දෙ අවසාන මාසෙ වෙනදට වැඩියෙන් දැනෙන සීතලට ඇගම වෙව්ලලා යද්දීත් මල්ලිකා කොල්ලගේ මූණ සෝදවන්න ගත්තා. මූණට වතුර ටිකක් වැටෙද්දි ඈලි මෑලි ගතිය මැකිලා ගිය සිහින ඉක්මනට මූණ සෝදන් ඇදුමක් දාගත්තේ අදත් ආක්ෂ එක්ක සෙල්ලමට යන්න. පුංචි කොට කලිසමට ඇගටත් වැඩිය ටිකක් ලොකු ටීෂර්ට් එකක් ඇදලා හිටපු සිහින හැමදාමත් වගේ හුරතලේට පෙනුනා. කෑම කාලා ඉක්මනට එළියට බැස්ස සිහින දොරකඩ ඉස්සරහම ගලවලා තිබුණ ආක්ෂ ගෙනත් දීපු සෙරෙප්පු කුට්ටම දාගත්තා.
සිහින හමුවෙලා දින දෙක තුනක් ගත වෙද්දි සෙරෙප්පු දෙකකුත් නැතුව වෙලේ දුවන පොඩි කොල්ලගෙ රෝස පාට කකුල් ගල් වල ඇනිලම රතු වෙන හැටි දැකපු ආක්ෂ කුමාරිහාමි එක්ක ටවුමට ගිය වෙලේ වද කරලා වද කරලා අරගත්ත පුංචි සෙරෙප්පු දෙක සිහින ආපු වෙලේ ඒ කකුල් දෙකටම දාපු හැටි පුංචි සිහින මතක් කරා...
"කොහෙද ඔය දුවන්නෙ"
"පුංචි බේබි බලන්න"
"ඔහොම ඉන්න මන් එක්කම යමං කොල්ලො"
වලව්වට යන්න ලැහැස්ති වෙලා එළියට බැහැපු සිරියාවතී දැක්කේ වැරදි කකුලට සෙරෙප්පු දෙක මාරු කරලා දාගෙන ඉන්න සිහිනව.
"ඔහොමද යන්නෙ?"
"ඕඕ!!"
සිරියාවතී කියන්නෙ මොකක් ගැනද කියලා නොදැන උන්න සිහින ඔව් කියන ගමන් ඔලුව වැනුවේ කලබලේට සෙරෙප්පු දෙක දාගෙන තියෙන්නෙත් වැරදි පැත්තට කියලා නොදැන.
YOU ARE READING
සංසාර සිහින | TK | Nonfiction | Ongoing
Non-Fiction| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි දවස.... නුඹ දුටුව ඒ මුල්ම දින...❞ ~ Aksha' diary - නොමැකෙන්න හදවතේ ඔය රුවම ඇඳග...