දොළොස්වන සිහිනය 💭

229 35 23
                                    

"අම්මේ...මෙහෙ එන්නකො."


උදේ පාන්දරම මටත් කලින් ඇහැරිලා ලෙස්ති වෙන්න ගන්න තේව් අයියා මගෙ නලලට අත තියලා බලලා දෙතුන් පාරක් කෑ ගහද්දි මාව නින්දෙන් ඇහැරුණා. මට දැනුනෙ මුළු ඇගම වෙව්ලලා යන සීතලක්. වෙලාව කීයද කියලවත් හරියට දන්නෙ නෑ. පාන්දර පහ පහු වෙලා ඇති. ඇහැරුණ හැටියේ ලයිට් එළියට ඇස් දෙක හුරු වෙනකන් ඇස් අඩවන් කරගෙන හිටියේ නැගිටගන්නත් පණක් නැති වෙද්දි.. අයියගෙ කෑ ගැහිල්ලට පුංචි අම්මත් කාමරේට දුවගෙන එනවා අඩවන් වෙන ඇස් වලින් මට පෙනුනා.

"මොකද ළමයෝ"

දොරෙන් ඇතුළට එන හැටියේ පුංචි අම්මා එහෙම ඇහුවේ ටිකක් කලබලෙන්. තේව් අයියා කතා කරපු විදියට පුංචි අම්මා බය වෙන්නැති. මාත් යන්තම් ටිකක් කෙලින් වෙන්න බලද්දි තේව් අයියා මට ඇද විට්ටමට හේත්තු වෙන්න උදව් කරා.

"සිහිනට හොඳටම උණ"

"කෝ බලන්න"

මගේ ලගින්ම ඇදේ කොනකින් වාඩ් වෙලා මගෙ නලලට අත තියලා බලද්දි දැනුන රස්නෙට පුංචි අම්මා ඉදගත්ත තැනින් නැගිට්ටෙ කලබලෙන්.

"ගිනි කබලෙට රස්නෙයිනේ ළමයො. පුතේ ලෑස්ති වෙලා සිහින එක්ක එන්න. අපි හොස්පිට්ල් යමු."

එහෙම කියලා පුංචි අම්මා කලබලෙන් එළියට යද්දි හෙමින් සැරේ මාව නැගිට්ටුව අයියා මූණත් යන්තම් සෝදවලා ආයෙම කාමරේට එක්ක ආවා. මාව ඇදේ ඉන්දවලා මගෙ කාමරේට දුවලා ගියපු අයියා ආයෙම ආවේ ඇදුමකුත් අතේ තියාගෙන.

අයියා හදන්නෙ මට ඇදුම අන්දවන්නද!? රෑට ඇදපු කමිසෙ ගලවලා අලුත් කමිසයක් දාන්න හදද්දි මන් ලැජ්ජාවෙන් උනත් මුකුත් නොකියා හිටියා. මන් පුංචි කාලෙ ඉදන් එහෙමයි. මගේ අයියා ඉස්සරහ වත් මම ඇදුමක් මාරු කරල නෑ. ටිකක් තේරෙන වයසෙ ඉදන් තව කෙනෙක් ඉස්සරහ ඇදුම් මාරු කරනෙක වගේ දේවල් වලදි මට දැනුනේ ලැජ්ජාවක්.. මන් හිතුවේ ඒක මගෙ වරදක් කියලා. ඒත් අයියා හැමවෙලේම මට තේරුම් කරපු නිසාම මන් ඒක වරදක් විදියට හිතනෙක අතෑරලා දැම්මා. අයියා මන් ගැන දන්න නිසාම මන් ගැන කවදාවත් තරහක් හිතලා නෑ. ඒත් තේව් අයියා! එයා මොනවා හිතයිද කියලා මන් ඒක ගැන කියන්නැතුව ඉන්න හිතුවේ දැන් ඇදුම් මාරු කරගන්න කියලා මට පණක් තිබුණෙත් නැති නිසා. ඒත් මගෙ අත් දෙක නොදැනුවත්වම මගේ පපුවට ගිහින් තිබුණා.

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now