දහවන සිහිනය 💭

228 38 28
                                    


ක්ලාස් එක මැද්දෙම සනුකයා මගෙ නලලට පිට අල්ල තියනකොට ගැස්සිලා ගිය මගෙ මනෝ ලෝකෙ බිදුනා... මෙච්චර වෙලා මන් ඉදලා තියෙන්නෙ ඊයෙ රෑ දැකපු හීනෙ සිහියෙන්. මන් වටපිට බැලුවේ පන්තියේ කවුද ඉන්නෙ කියලා. ඉන්ටවල් එකෙන් පස්සෙ පීරියඩ් එකට කියලා මැඩම් ක්ලාස් එකට ආවා විතරයි යන්තම් මතක. මෙච්චර වෙලා උගන්නපු මිසුත් ක්ලාස් එකෙන් එළියට යනවා යන්තම් පෙනුනා. ක්ලාස් එකේ කොල්ලො ටිකත් එක එක රාජකාරි වල. සමහරු පොතේ මූණ ඔබා ගත්ත ගමන්මයි. මිස් කියන අකුරක් ගානේ ලියාගන්න උන් මිස් ගිහිල්ලත් තාම පොත කුරුටු ගානවා. සමහරු නිදි. මන් ආයෙම හැරිලා බැලුවේ විශාකයි සනුකයි දිහා... උන් ටිකත් කන්න වගේ මගෙ දිහාම බලන් ඉන්නවා.

"උඹ සුදු මැලි වෙලා. ලෙඩක්ද බං"

සනුක මගෙන් එහෙම අහද්දි මගේ ඔලුවට ආයෙත් ආවේ අර හීනෙ.

"මූව හොස්පිට්ල් ගිහින් දාන්න වෙයිද...බලපංකො මූණ!"

වටපිටාවෙ ඇහුණ කටහඬලුත් යාන්තම් ඇහෙන නෑහෙන ගානට අඩු වෙලා යද්දි මන් ආයෙම ඒ හීනෙ අතරමං උනා.

.

***

Flashback

"මේ කෝද යන්නෙ??"

හැමදාම වගේ ලොකු හාමු වලව්වෙන් පිට උන හැටියේ මේ දින කිහිපයම ආක්ෂ සිහින එක්ක යන්න ගෙදරටම ආවා. උදේම සිහින හොයාගෙන ගෙදරට ආපු ආක්ෂ මල්ලිකාටත් කියලා සිහිනගේ අතින් අල්ලගෙන පාර දිගේ ඇවිදගෙන ගියා. වෙල හරහා වැටිලා තියෙන මැටි පාරේ ඇහැළ සෙවණත් පහු කරගෙන ආක්ෂ කල්පනාවෙන්ම ගොඩක් දුර ඇවිදන් යද්දි සිහින ඇහුවේ කොහෙද මේ යන්නෙ කියලා.

"අහ්....සිහින...ඕ...මේ අපි අද යමු දොළපාර ගාවට"

"ඇයි ඒ?"

"නිකන්..යමුකො"

ආක්ෂ දිහාම බලාගෙන ඉදිරියට ඇදුන සිහින ආයේ ඉස්සරහ බලාගත්තෙ ඊට එහා ආක්ෂගෙන් කිසිවක් නොපැවසුන නිසා. අද ආක්ෂගේ ලොකු වෙනසක් තිබුණා. පාන්දරට පිපෙන මලක් වගේ වෙනදට දකින්න ලැබෙන ඒ මූණ පාන්දරම උනත් අද මැලවිලා තිබුණා. ඉතින් යන තැනක් නොහිතා ඔහේ ඇවිදගෙන ආපු ආක්ෂ සිහින එහෙම අහපු නිසාම දොළ පාර දිහාවට යන්න හිතාගත්තේ ඒ හරිය ඇහැළ සෙවණටත් වඩා තරමක් නිදහස් කියලා මේ මොහොතෙ ආක්ෂට හිතුණ නිසා..

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Donde viven las historias. Descúbrelo ahora