අටවන සිහිනය 💭

276 43 45
                                    

ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට එන්න වුණා
නොලැබේවී කියා හිත කිව්ව නිසා
මා එක්ක පවා මම තරහා වුණා..

සිහින වල මිස හිනාවක හැඩ
නොදුටු මගේ රෝස කුමාරි
රහස් මුමුණන දෑස අද හෙට
දෙයිද ඉඟියක් ඇහැරී.......

එහෙම හිත හිත ඉන්නකොට මට
දෑස මානයේ නැවතී
දුන්න හසරැල් පොදක් ගානේ
මගේ හදවත නවතී........

ගැහෙන පපුවට කන් දිදී හෙට
මතක පිටු හැම පෙරලලා
අඳුරු තැන් ටික මකා දමමුද
රෝස මල් පෙති අතුරලා.......

එහෙම හිත හිත ඉන්නකොට මට
දෑස මානයේ නැවතී..
දුන්න හසරැල් පොදක් ගානේ
මගේ හදවත නවතී........

****


.

"මේ මොකද්ද මේ"

නුවර අහසට පායලා තිබුණ ලා හිරු කිරණ අලුත් දවසක ආරම්භය කියද්දි පුරුදු විදියටම ඇහැළ සෙවණ හොයන් ආව ආක්ෂගේ හිත හෙව්වේ ඇහැළ සෙවණ විතරමද කියලා දැනගෙන හිටියෙත් ආක්ෂගෙ හිතම තමයි.. තණ පිස්සේ වාඩි වෙලා ඇහැළ සෙවණේ ඉදගෙන හිටපු ආක්ෂ වෙනදා වගේම සිහින එනකන් බලාගෙන හිටියත් වෙනද වගේ අද ඒ අත් අතර රැදුණ පොතනම් තිබුණේ නෑ. ඒ වෙනුවට අද ඒ අත් අතර රැදිලා තිබුණේ මාලයක්... තම කරේ තිබුණ මාලේ පෙන්ඩන්ට් එක ඒ අත් අතර රැදිලා තියෙද්දි ඒ දිහා බලන් හිටපු ආක්ෂ තමන් පිටිපස්සෙන් ඇහුණ හුරුපුරුදු උනත් එකවර ඇහුණ කටහඬ නිසා ගැස්සිලා ගියා... දවස් ගණනක්ම මේ විදියට හමු උන පොඩි කොල්ලො දෙන්නා මේ වෙද්දි හොඳ යාලුවෝ වෙලයි හිටියේ... වෙල් යායේ දුවන්න, මාලු පැටව් බලන්න, ඇහැළ හෙවණේ වාඩි වෙලා සිහිනගෙ පුංචි පුංචි කතා අහගෙන ඉන්න, ගම වටේ ඇවිදින එක වගේ පොඩි පොඩි වැඩ වලින් දෙන්නගේ කාලේ ගෙවිලා ගියේ ඒ පුංචි හිත් දෙකේ දෙන්නටම දෙන්න වෙනුවෙන්ම ලොකු ඉඩක් වෙන් වෙද්දි....ඒ හැම දවසකම සිහින එක්ක දවස ගත කරලා ලොකු හාමු වලව්වට එන්න කලින් ගෙදර දුවන ආක්ෂ හැමදේටම කලින් පුංචි සිහිනව පරිස්සමින් ගෙදරට ඇරලවන්නත් අමතක කරේ නෑ.

"බය කරන්න නේද පිටිපස්සෙන් ආවේ?"

ඇත්තටම ආක්ෂව බය කරන්න හිතාගෙන පිටිපස්සෙන් ආවත් ආක්ෂගේ අතේ රැදුන දේ මොකක්ද කියලා දැනගන්න ඕන නිසා තමන්ගේ පුංචි අරමුණත් ඒ හිතට අමතක වෙද්දි පිටිපස්සෙන් එබී ගෙන හිටපු සිහින ආක්ෂගෙන් ඊළගට ලැබුණ පිළිතුරත් එක්ක කලබලෙන් නෑ කියන්න ඔලුව දෙපැත්තට වනලා අඩියක් පස්සට යද්දි,

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now