තිස් අටවන සිහිනය 💭

234 34 87
                                    

"කමලා....!!"

හුස්මක් කටක් ගන්නවත් වෙලාවක් නැතුව දවාලෙ ඉදලම වලව්වේ උදවිය හැමෝම නොයෙක් වැඩවලට හිර වෙලා හිටියේ හවස පැවැත්වෙන සාදයට ලහි ලහියේ සූදානම් වෙමින් වෙනකොට වලව් වත්තෙ රූස්සෙට හැදිලා තිබුණ අඹ ගහ යට බංකුවට වෙලා විශාක එක්කලා නොයෙක් ආකාරයේ විදුලි බුබුළු වලින් හැඩ වෙන වලව්වට ඇස් අයාගෙන කතා බහ කරමින් හිටපු පොඩි බේබි නැවත තම කාමරයට එද්දි කාමරයේ දොර යන්තම් ඇරිලා තිබුණා.

බාගෙට ඇරිලා තිබුණ දොරත් ඇරගෙන කාමරේට ආව ආක්ෂගෙ ඇස් කාමරේ හැමතැනම දිව්වේ එහි යම් වෙනසක් හොයාගෙන වෙනකොට මොහොතක් යන්න මත්තෙන් මේසය මත තිබුණ ඇහැළ මල් පෙති කිහිපයක් ලග අහම්බෙන් වගේ ඒ ඇස් නතර උනා....මල් වාස් එක ඇහැළ මල් පිරුණු කැලෑ මල් මිටකින් පිරිලා තියෙද්දි ආක්ෂගෙ අත නොදැනිම ඒ මත රැදුණෙ මල් පොකුර ඔහුගෙ හිත ඇදගත් හින්දා.....

"ලස්සනයි.....මයෙ ඇහැල මල වගේ...."

ආක්ෂ හිතින් හිතුවා...

ඒ මූණෙ හීන් හිනාවක් ඇදුණෙ ඇහැළ මල්පොකුර දැකලා උනත් යන්න ගියපු ආක්ෂගෙ කකුලෙ වැදුන යමක් නිසා ඒ හිනාව අතුරුදහන් වෙලා ගියා.

තමන්ගෙ කකුලේ වැදුනේ ඔහුගෙම ඩයරිය බව දුටු සැනින් එය අහුලාගත්ත ආක්ෂ වේගෙන් එහි පිටු එහෙ මෙහෙ හරවන්න ගත්තෙ කිසිවෙකුත් දැන නොගතයුතු ලොකූ රහසක් ඒ පොත ඇතුළෙ හැංගිලා තියෙනවා වගේ....මල් පොකුර වගේම....ලියමින් ඉදලා එහෙමම මේසෙ උඩ තබා ගියපු ඩයරිය ඔහු නැවත පැමිණෙන විට මේසය ලග බිම තිබීම ඔහුගෙ හිත කලබල කරලා තිබුණා...ආක්ෂගෙ හිතට ආවේ කේන්තියක්. තමන් නැති අතරෙ කාමරයට කිසිවකුත් පැමිණෙනවාට ඔහු කොහෙත්ම කැමති උනේ නැති බව ඔහුගෙ නහර ඉලිප්පුන දෑත්....යන්තම් රතු වේගෙන එන ඇස්...හේතු කිව්වා...

මොහොතක් යන්න මත්තෙන් වලව්වටම ඇහෙන්න කෑ ගහපු වලව්වේ පොඩි බේබිගේ කටහඬට සාලෙ කෑල්ලේ මේස පුටු පිහදාමින් උන්න කමලාගෙ අතේ තිබුණ රෙදි පාන්කඩත් බිම අත හැරුණා.

හඬ ආ දෙසට හැරුණත් බිම වැටුණ රෙදි පාන්කඩේ ඇහිදින්නවත් වෙලාව වැය නොකරපු ඇය, එක වරක් තම නම කියලා කෑ ගහපු පොඩි බේබි දෙවන වරත් කතාකරද්දි තවත් බලන් ඉන්න නොහැකි උන තැන කරමින් හිටපු වැඩෙත් නවතලා උඩහට එන්න පඩි නගින්න ගත්තා. තමන් අතින් මොකක් හෝ වැරැද්දක් වෙලාද යන බයෙන් හදවත ගැහෙද්දි ගැහෙද්දි, ගැහෙන පපුවටත් අත තියාගෙන විගහට පඩිපෙළ නැගගෙන ඇය උඩහට දුවගෙන ආවා...

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now